
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාබනික වැඩපිළිවෙළ පිළිබඳ උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙන බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (26) පැවසූහ.
අරමුණ උදාර වුණත් වැරදි තීරණ ගතහොත් එම අරමුණ ඛේදවාචකයකින් අවසන් විය හැකි බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
රතන හිමියන් මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
හැත්තෑ එකේ කැරැල්ලේ තරුණයන්ට උදාර අරමුණක් තිබුණද කාලය,වෙලාව, කරපු ආකාරය නිසා රටේ වටිනා ජීවිත නැතිවූ බවද උන්වහන්සේ පැවැසූහ.
මෙම කාබනික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් හතළිස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත් එම කමිටුව එක දවසක් හෝ රැස්වූවාදැයි තමා කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් විමසන බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.
ඊට පසුව විසි දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ බව පැවසූ උන්වහන්සේ කොටසක් හලලා පත්කළ ඒ කමිටුවද එක දිනක් හෝ රැස් නොවූ බව සඳහන් කළහ.
ඒ එක කමිටුවකටවත් තමාගේ නම යෝජනා නොකළ බවද මෙවැනි බරපතළ තීන්දු ගැනීමේදී අඩු තරමින් විශේෂඥ කමිටුවක් පත් කළ යුතුව තිබූ බවද රතන හිමියෝ පැවැසූහ.
ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රකාශ සහ ස්ථාවරය අගය කරන නමුත් උදාර අරමුණක් දියවී යාම ගැන කනගාටු වන බව පැවසූ උන්වහන්සේ මේවා කවුද කරන්නේ කොහොමද කරන්නේ කියන කාරණා දෙස බැලීමේදී ලොකු ගැටලූවක් පෙනෙන බවද ප්‍රකාශ කළහ.
ග්ලිෆොසේට් තහනම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළේ 2013 වර්ෂයේ දී බවත් පළිබෝධනාශක තහනම ඉවත්කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයාට විරුද්ධව නීතිපති දෙපාර්ථමේන්තුව නඩු දැමිය යුතු වුවත් ආණ්ඩුව එසේ කටයුතු නොකරන්නේ නම් දැවැන්ත අරගලයක් කරන බවත් අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
පොහොර ප්රශ්නය විසඳීමට තිබුණේ වී ගොවිතැන තාක්ෂණිකරණය කිරීමෙන් බව පැවසූ උන්වහන්සේ වල් මර්දන ප්රශ්නය විසඳන විට උග්‍ර විස කාරක රටට ගලා නොඑන බවද ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගොස් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාට බැනුම් ඇසීමට සිදුවී ඇති බවත් ජනාධිපතිවරයාගෙ සංකල්පය ක්‍රියාත්මක කිරීමට මහන්සි ගැනීම පිළිබඳව ඔහුට අනේක වාරයක් ස්තුතිවන්ත වන බවද සඳහන් කළහ.
" උදාර අරමුණක් වෙනුවෙන් බැනුම් ඇහුවට කමක් නැහැ. ඒ අරමුණ ජයග්‍රහණය කිරීමයි වැදගත්" රතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ හැම දෙයක්ම දේශපාලකයින් තීරණය කිරීම වැරදියි. ඔය තීරණය රටේ විද්‍යාඥයින්ගෙන් යෝජනා විය යුතු ය. විද්‍යාත්මක පදනමක් තිබිය යුතු ය. උපකල්පනයක් මත (වකුගඩු රෝගයට පොහොර හේතුවන බවට) තීරණ ගැනීම තමා මෙයට හේතුව . වකුගඩු රෝගයට හේතුව කුමක්දැයි තහවුරු වී නොමැති තත්වයක් තුළ පොහොර තහනම් කිරීම තමයි ප්රශ්නය.
මේ අනිත්‍ය, නිස්සාර ලෝකේ හැටි ඔහොමයි. තණ්හාවෙන් අල්ලා ගන්න යන තරමට දුක වැඩියි. දැන්වත් ගිහින් මහණවෙන්න. ඉන් සැනසීම ලැබෙයි. මතකද කලකට පෙර මිලානෝ ලංකාරාමයේ මිදුලේ අපි ක්‍රිකට් ගැහුවා..? මම හිතන්නේ 2001, 2002 විතර...
තවත් බේගල් දොඩනවා.
පිනට දැන් කෙළ කෙළ ඉන්න අයට අසරණ ගොවියාගේ දුක තේරෙන්නේ නැහැ... සිවුරට මුවාවෙලා දේශපාලනේ කරකර ඉන්නේ නැතිව අර රට දකින්න කළිසම අන්දගෙන දේශපාලනේ කරන්නකෝ... ලැජ්ජා නැද්ද බෞද්ධයෝ අන්ද අන්ද පින් බත් කකා ඉන්නේ නැතිව සිවුරු ඇරලා දේශපාලනේ කරනවා...
රටේ ඉතිහාසයේ කමිටු, කොමිසන් සභා පත්කළාට කිසිම ඵලක් වෙලා නැහැ. ඕවා ජනතාව මුලාකරන සහ කල්මරන වැඩ. පාස්කු ප්‍රහාරය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවත් නිදි... අනික කාබනික පොහොර එක පාරටම ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකිද? අනික ජනාධිපති වුණත් ප්‍රායෝගික කළහැකි ප්‍රතිපත්ති නේද කියන්නත් ඕනේ. ඒ නිසා තමයි අද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සේරම රිවස් වෙමින් පවතින්නේ...
ශාසනේ ගැනත් අපිට ඇඬෙනවා...
සසරින් එතෙරවීමට වඩා මන්ත්‍රී කෙනෙක් වීම උදාර අරමුණක් වීම ගැන අපිට ඇඬෙනවා...
අනේ ඔබේ පරණ පොත.. අප එය කියවා ඇත..
ස්වාමීන් වහන්ස දුක තුනීකර ගන්න. හිත සන්සුන් කරගන්න. ඇමතිතුමා හරිත ගොවිතැන අතහැර නෑ. හරිත විප්ලවය දිනවීමට පාර්ලිමේන්තුව තුළම රැදී සිටින්න...
ලංකාවේ දේශපාලනය උදාර අරමුණ මරාදැමීමේ ඔස්තාර්ලා වෙයි. 71/89 පමණක් නොව 83දී ජාත්‍යාලය, 2015දී යහපාලනය, 2021 කාබනික වගාව...
නිසි වගවිභාගයක් නැතිව කඩිමුඩියේ ගන්න තීරණවල ප්‍රතිඵල...
කාබනික පොහොර භාවිතා කිරීමේ කෘෂිකර්මය කරන්න තිබුණේ අත්දැකීම් ඇති ගොවීන්, අදාළ ක්ෂේත්රයේ විද්වත් කණ්ඩායම් ඇතුළු අයත් යොදාගෙන ක්‍රමයකට හා පිළිවෙලකට .. ඒත්, සිදුවුණේ එය නොවෙයි. අත්දැකීම් නොමැති දේශපාලනඥයින් හා කටින් බතල හිටවන මහා බක පණ්ඩිතයින්ගේ කතා අහලා වැඩේ වණ කරගත්තා. ඒ නිසා හොඳින් ගොවියන්ව යොදාගැනීමට තිබූ අවස්ථාව අහිමි වුණා. දැන් නම් ආයෙමත් ඕවා කරන්නට ගියොත්, අඬන්නට නෙමෙයි ගොවියන්ගෙන් හොඳහැටි සැලකුම් ලබා අතපයත් කඩාගෙන ඉස්පිරිතාලේ ලගින්න තමයි වෙන්නේ... කෘෂිකර්මය හරි, සෞඛ්‍යය හරි ඕනෑම දෙයක් හරියට කරන්න නම්, ඒ ගැන දැනුමක් උගත්කමක් හා අත්දැකීමක් ඇති සැබෑ දක්ෂයින් සම්බන්ධ කරගන්න ඕනෑ. එසේ නැතිව පිස්සු නැටුවාට ප්‍රශ්න විසඳන්නට බැහැ.
පොහොර ටික නැතුව වගා කරන්න බැරුව ගොවියා කොච්චර අඬනවද? හාල් ගණන් ගිහින් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව දෙමාපියන් කොච්චර අඬනවද? මේ කන්නේ, වවන්නේ නැතුව ලබන සිංහල අළුත් අවුරුද්ද වෙනකොට හාල් ගණන් ගියාම මිනිස්සු කොච්චර අඬනවද?
වැල යන පැත්තට මැස්ස ගහන රත්නයා ගැන අපි දන්නවා.
අපිට අමතක වෙලා නැහැ ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කියන උදාර අරමුණ ඉස්සරහට දාගෙන දේශපාලනේට ඇවිත් කරපු හරිය. මොනවද මේ කතා...?
සම්බුද්ධ ශාසනේ දේශපාලකයින්ට ආරක්ෂක පළිහක් විදිහට යොදාගැනීම නිසා අප තුළ තියෙන්නේ කණගාටුවකි...!
පැවිදි කෙනෙකුගේ උදාර අරමුණ විය යුත්තේ සසරින් එතෙර වීමයි. නමුත් උදාර අරමුණ කාබනික පොහොරලු...
පැවිද්දන් බේගල් කියකියා හිටියත් දානවේල හම්බ වුණාට ගිහියන් ආහාර පාන උපයාගන්න ඕනෑ. සාමාන්‍ය ජනතාවට කරදර කරන්නා ගිහිද, පැවිදිද කියලා නෑ.. පවුකාර වසලයෙක්. මේ අයගේ කාබනික මේනියාවට මේක නිවැරදි වෙලාව නොවේ. මෙවැනි කාලයක රජය කලයුතුව තිබුනේ සියලු දේ අමතක කර ආභාර සැපයුම ස්ථාවර කිරීම... කාබනික පොහොර පසුව කරගත හැකියි. අත්දැකීම නැති පාලකයකුගේ අදූරදර්ශී තීරණයක්.
පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳීමේ කෑදරකම හැරුණු විට ගන්න දෙයක් නැහැ..
ඔහොම තමයි අපේ හාමුදුරුවනේ.
අපේ හාමුදුරුවනේ 1971 කැරැල්ල උදාර වෙන්නේ කාට විරුද්ධව කරපු කැරැල්ලක් නිසාද? රජයටද, ධනපති පන්තියටද? රජයට විරුද්ධවන්නේ සිරිමාවෝ මැතිණියගේ රජය රටට කරපු සේවය මදි නිසාද? ධනපති පන්තියට විරුද්ධ වන්නේ රුසියාවේ සාර් ආණ්ඩු ක්රමයේ ධනපති ලංකාවේ සිටි නිසාද? හාමුදුරුවෝ කියන විදිහට කාලය,වෙලාව, කරපු ආකාරය වැරදි නම් තව මොනවද හරියට කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ...? දැන් රුසියාවේත් කොමිනිස්ට් ක්‍රමය නැහැ. මෙරටට විප්ලව හරියන්නේ නැතිබව තේරුම් ගත්ත නිසා නේද ජෙප්පෝ දැන් ලේ සැලෙන විප්ලව ගැන කතා නොකරන්නේ? අර ගොබ්බයෙක් ලුමුම්බා විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඒ රටට හරී කියලා හිතපු කොමියුනිස්ට් ක්‍රමය ලංකාවේත් කරන්න ගියේ ධනපති නැති කරලා නොවෙයි.. මේ දුප්පත් රටේ බස් ටික ගිනිතියලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියලා, අහිංසක පොලිස් කාරයෝ මරලා. මම ඇසට දැක්කා වරකාපොළ පොලිස් නිලධාරින් මැරිලා සිටිය විදිහ... හරියට වමබටු වට්ටියක් බිම හැලිලා වගෙයි. තැන් තැන්වල මැරිලා. පොලිස්සියෙන් ගත්ත එස්.එම්.ජී. කරේ එල්ලගෙන කොල්ලෝ පාරේ හිටියේ හරියට තුවක්කුව පාවිච්චි කරන්න දන්නා එවුන් වගේ...