
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය.
විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණි.
සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්ද විමසීම ආරම්භ වූයේ පස්වරු පහට පමණය. මැතිසබයේ ඉලෙක්ට්‍රෝනික ඡන්ද ගණනය කිරීමේ පද්ධතිය ඔස්සේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සිදු කෙරිණ.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වැනිදා සිකුරාදා ඉදිරිපත් කරනු ලැබීය.
ඉන්පසු අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 13 වැනිදා සෙනසුරාදා සිට ආරම්භ කෙරිණ.
මේ අනුව දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු දින ගණන 7කි.
දෙවැනි වර කියවීමේ විවාදය අවසන් වීමෙන් පසු අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය
අද( 23) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10වැනිදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ලබන මස
10 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ආණ්ඩුව විවේචනය කරකර එළියට යන්න තර්ජනය කරපු කට්ටිය...? අර රට, ජාතිය වෙනුවෙන් පුදුමාකාර වේදනාවකින් කෑ ගහපු අය... නගුට බාගෙන හරි අපුරුවට ඡන්දේ දීලා නේද?
විජේදාස ආණ්ඩුව පතුරු ගැහුවා. ගීතා ආච්චි ඇමතිකමක් නැතුව ඇඬුවා. අන්තිමේ ඔක්කොම එකවල්ලෙ පොල්. මෙහෙම වෙන්නෙ පක්ෂ ක්‍රමයේදී පවතින සත්‍ය යටකර බොරුව මතුවෙන්න මොළ වෙනස්කරන නිසා. මේ රට සැමදා සංවර්ධනය වෙමින් පවතින රටක් වේවි...!
මේකට අත නොඉස්සුවා නම් 153න් වැඩිහරියක් අනාථ වෙනු ඇත. මෙලෝ රහක් නැති අයවැයක් යැයි කෑගැසූ විජේදාස මන්ත්‍රීද අත්දෙකම ඔසවා ඇත.!!!.
ජය වේවා... මේ අයට ඡන්දය දුන්නු 69 ලක්ෂයටම... !!!
දැන්වත් මේ බොරු දේශප්‍රේමයක් මවාගෙන ආණ්ඩුවේ සිටිමින්, ආණ්ඩුවට විරුද්ධව කතාකර අන්තිමේදී හැම එකකටම පක්ෂව අත උස්සන හොරු ප්‍රතික්ෂේප කිරීමට ජනතාව සහ මාධ්‍යවේදීන් ක්‍රියාකළ යුතුය. මොවුන්ගේ රැස්වීම් වර්ජනය කළ යුතුය.
මේ 153 ට හකීම් රිෂාර්ඩ්ලාගේ ඡන්ද හතකුත් එකතු වෙලා. හැබැයි හකීම් රිෂාර්ඩ් විරුද්ධව ඡන්ද දීල රඟ පාල තියන්නේ. තවද විමල්, එස් බී, මහින්දානන්දල කිසිසේත්ම මේ හලාල් ඡන්ද ගන්න නැහැ කියල, ඒගොල්ලත් රඟ පාල. එළියේ මිනුස්සු කොටාගන්නවා. දැන්වත් තේරුම් ගත්තුත් හොඳයි.
මේ තකතීරු අය වැයට පක්ෂව ඇත උස්සපු උන්ව පත් කර ගත හරකුනි.දැන් ඔබට සතුටුයිද ?සැපයිද ? කිරි බත් උයනවද 10 වෙනිදට ?