සහල් ගැන ඇමතිගෙන් සහතිකයක් ඉදිරියේදී සහල් මිල තව අඩු වීමට හැකියාව තිබෙන බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 June 2022
ඕස්ට්‍රේලියා යන්න ගිය 54ක් නාවික හමුදා දැලේ බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්රේරලියාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (26) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. 27 June 2022
දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය නොහැකි ගෝඨා- රනිල් ආණ්ඩුව ඉවත් වන ලෙස බල කරමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් දෙමටගොඩ දුම්රිය අංගනය ඉදිරිපිට අද (27) පැවැත්විණි. 27 June 2022
මල්ශාලා හිමිකරුට,වෙඩි තැබුවැයි හිටපු යුද සෙබළා මාට්ටු ඇඹිලිපිටිය, මිද්දෙණිය මාර්ගයේ තෝරකොළ යාය ප්‍රදේශයේ දී මල්ශාලා හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළකු විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගිත් අත්අඩංගුවට ගෙන ඇත. 27 June 2022
ප්‍රාදේශීය ලේකම් සිර කළාට ප්‍ර.ලේ සේවකයෝ විරෝධය පාති වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර මහ රෝහලට ගිය මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියට ප්‍රතිකාර ලබා නොදී සිර කර තබා ගැනීමේ සිද්ධියට විරෝධය පල කරමින් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනය කරමින් අද විරෝධතායක නිරත වූහ. 27 June 2022
බවුසරයෙන් ඉන්ධන ඇද්ද රියැදුරා - සහායකයා මාට්ටු මඩකලපුව ප්‍රදේශයට ඩීසල් තොගයක් ප්‍රවාහනය කළ බවුසරයකින් ඩීසල් ලීටර් විස්සක් හොර රහසේ විකිණීමට තැත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි රියදුරා හා සහායකයා අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 27 June 2022
ඇමැති ප්‍රසන්නගේ ගෙට පහරදුන්නැයි මහාචාර්ය හිමියෝ බාර වෙති ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 27 June 2022
බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි. 27 June 2022
හක්කපටස් පුපුරා එක්දරුපියා මරුට නිවසේ භාවිතා කළ ගෑස් අවසන් වීම නිසා පවුලේ පිරිස සමඟ දර කඩන්නට ගිය හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු හක්කපටස් පුපුරා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 27 June 2022
අගමැති රනිල්ගේ කාලයත් අවසන් ප්‍රශ්න විසඳීමට අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් වන බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය. 27 June 2022
පළාත් කීපයක වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 June 2022
කැලණියේදී වෙඩි තැබීමක්:අයෙක් මරුට කැලණිය පට්ටිය හංදියේදී අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් හා අවුරුදු දෙකක කුඩා දරුවකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 26 June 2022
මැති - ඇමැතීන්ටත් ඉන්ධන රස්නේ දැනෙති ඉන්ධන හිඟය නිසා ඇමැතිවරුන්ගේ නිල රාජකාරි කටයුතුද ( ගමන් බිමන්) බොහොමයක් අවලංගු කර ඇතැයි වාර්තා වේ. 26 June 2022
හිටපු ඇමැතිගේ ඉන්ධන පිරවුම්හල මැර කල්ලියකට හිටපු අමාත්‍යවරයකුට අයත් කුරුණෑගල ඉන්ධන පිරවුම්හලකින් සාමාන්‍ය ජනතාවට පෝලිමේ ගොස් ඉන්ධන ලබා ගැනීමට නොහැකි ආකාරයට එම ස්ථානයේ පාලනය එක්තරා මැර කල්ලියක් අතට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරති. 26 June 2022
සියඹලාණ්ඩුව රෝහලත් වැසෙයි පවතින ඉන්ධන හිඟය නිසා රෝහල් කාර්යය මණ්ඩලයට රෝහල වෙතට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව එම රෝහල වසා දැමු බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි. 26 June 2022
පානදුර සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් පානදුර වෙළෙඳ සංකීර්ණයේ සිව්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද(26) පස්වරුවේ ගින්නක් හටගෙන ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 26 June 2022
ඉන්ධන ඇමැති කනගාටු වෙයි ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් නිශ්චිතව කිවනොහැකි බවත් ඉදිරි අනාගතයේ ඉන්ධන අර්බුදයේ වඩාත් බරපතල තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 June 2022
නාගරික පාසල් මේ සතියෙත් නිවාඩු නාගරික පාසල් මෙම සතියේත් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 26 June 2022
දුම්රියත් නවතින ලකුණු ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා නිවේදනය කරයි. 26 June 2022
‘‘නැ‘හිර පර්යන්තයේ වැඩ කඩිනම් කරන්න‘‘ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් ප්‍රමාද නොකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 26 June 2022
ජාජබේ විරෝධයක් කොටුවේ ජාතික ජන බලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 26 කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් පැවැත්වෙයි. 26 June 2022
සිපෙට්කෝ පිරවුම්හල් විදේශ සමාගම්වලට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය. 26 June 2022
රටපුරා රෝහල් අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වේ? ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමාවීමේ තත්වයක් උද්ගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 26 June 2022
නාලක ආණ්ඩුව පට්ට ගහයි මේ ආණ්ඩුවටත් රටේ ප්‍රශ්න විසඳීමට පුළුවන් වගක් නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 26 June 2022
වජිරගෙන් තව අනාවැකියක් රට ගොඩනැගීමට සියලු දෙනා සහයෝගය දුන්නොත් ලබන නොවැම්බර් මාසය වන විට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (26) පැවසීය. 26 June 2022
ඉන්ධන හුටපටයකින් පොල්පිතිගම රෝහල වැසෙයි දොස්තරවැරන්ට පමණක් තෙල් දී සුලූ සේවකයන්ට තෙල් නොදීමට පොල්පිතිගම සමුපකාර ඉන්ධනහල් සේවකයින් කටයුතු කිරීම නිසා ඊට එරෙහිව රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්ව යාම හේතුවෙන් පොල්පිතිගම මූලික රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි බාහිර රෝගිහු දැඩි අසරණතාවයකට පත්වූහ. 26 June 2022
විදුලි කප්පාදුව තවත් පැය භාගයකින් වැඩි වේ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව පැය 3 කක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 June 2022
පෝලිම්වල සිටින ජනතාවට ‘ටෝකන්’ ඉන්ධන බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් අසළ මේ වන විට පෝලිම්වල රැදී ජනතාවට ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් ‘ටෝකන්’ පතක් දී නිවෙස්වලට පිටත්කර හරින බවත් අදාල ඉන්ධන පිරවුම්හලට ඉන්දන ලැබුණු පසු දුරකථනය හරහා දැනුවත් කර ඉන්ධන ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 June 2022
පී.සී යතුරු පැදියෙන් අධිවේගී මගේ ගොස් කාරයක හප්පලා කොළඹ පිටත වටරවුම් මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් අනතුරුදායක ලෙස ධාවනය කරමින් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමට සලසවා අනතුරක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී අතුරුගිරිය රථ වාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි. 26 June 2022
රාජ්‍ය ආයතනවලට සේවකයින් කැදවීම ගැන චක්‍රලේඛයක් රජයේ කාර්යාල වෙත සේවකයන් කැඳවීම සීමා කිරීමේ තවත් චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. 26 June 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026