ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් වලින් ආහාර-ඖෂධ ගන්න යයි ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් කෝටි 100 ක ණය මුදල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ,අත්‍යවශ්‍ය ඖෂධ සහ දේශීය නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත. 16 March 2022
මණ්ඩලය තෙල් වලට ණය පියවයි විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8,670 ක පමණ මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත . 16 March 2022
ලිට්රෝ ගෑස් සැපයුම නවතී ලිට්රෝ ගෑස් තොග නොමැතිවීම නිසා බෙදාහැරීම අත්හිටුවීමට සිදුවී ඇතැයි එම සමාගමේ උසස් නිලධාරියෙක් අද (16) පෙරවරුවේ පැවසීය. 16 March 2022
බූලි-බෝතල් වලට තෙල් දීම තහනම් බූලි සහ බෝතල් වලට ඉන්ධන ලබා දීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන බෙදුම් කරුවන්ට දැනුම් දී ඇත. 16 March 2022
බොරතෙල් මිල ටික ටික පහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක් දක්වා පහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. 16 March 2022
‘ඩීසල් අනතුරක්‘ අමාත්‍යාංශ ලේකම්වරිය කියයි ජනතාව තවදුරටත් සීමාවකින් තොරව ඩීසල් රැස් කිරීමට කටයුතු කළහොත් ඩීසල් හිගය උග්‍ර වී එය පාලනය කළ නොහැකි තත්වය පත්වනු ඇතැයි බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය. 16 March 2022
පුටින්ගෙන් ජෝබයිඩන්ට සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය. 16 March 2022
පාසල් ප්‍රේමය දුරදිග යයි:සිසුන් දෙකකට පිහි පහර ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බව මාතලේ පොලිසිය කියයි. 16 March 2022
හැංගූ ගැස් ටැංකි පාරිභෝගිකයන්ට බෙදා දෙයි අඟුණකොළපෑලැස්ස ලිට්‍රෝගෑස් තොඟ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ගබඩා කොට තිබූ විවිධ ප්‍රමාණයේ ගෑස් ටැංකි 4000ක් පමණ පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කළ බව හම්බන්තොට පාර්භෝගික සේවා අධිකාරයේ නිළධාරියෙකු පැවසීය. 16 March 2022
ඉන්ධන ප්‍රවාහන කරුවෝත් සේවයෙන් ඉවත් වෙති ලංකා ඛණාජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියෝ(බවුසර්) අද(15) මධ්‍යම රාත්‍රියේ සිටි සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. 15 March 2022
අලුත් කොරෝනා මරණ 8 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 8 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 March 2022
අලුත් ආසාදිතයෝ 428 ක් කොවිඩ් ආසාදිතයින් තව 428 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 15 March 2022
කඩුවක් අරන් යකා නටද්දී සිංගප්පූරු ජාතිකයා මෙල්ල කරලා කඩුවක් අතින් ගෙන මහාමාර්ගවල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට එරට පොලිසියෙන් සම්මානයක් හිමි ව ඇත. 15 March 2022
ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන පටන් ගත්තා ජනතාව පීඩාවට පත් කරන ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩුව පලවා හරින තෙක් අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවති ජනහමුවක් අමතමින් අද(15) පැවසීය. 15 March 2022
බෙහෙත් වර්ග 60 ක මිල නගියි ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 15 March 2022
හංගාගෙන සිටි ගෑස් තොගයක් අඟුණකොලපැලැස්සෙන් අල්ලයි ගෑස් සමඟ සිලින්ඩර් තොගයක් පාරිභෝගිකයින්ට අලවි නොකර අඟුණකොලපැලැස්ස ප්‍ර දේශයේ සඟවා ගෙන සිටියදී හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් විසින් සිදුකල කරන ලද වැටලීමක දී සගවා තිබූ ගෑස් සමඟ සිලින්ඩර් තොගය (15) අත් අඩංගුවට ගෙන පාරිභෝගිකයින්ට නියමිත මිළට ලබාදීමට පියවර ගත් බව හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා කාර් යාලයේ විමර්ශන නිළධාරි දිනුෂ ලක්මාල් මහතා කීය. 15 March 2022
මන්ත්‍රී රාජිත නෞකා 8ක් ගෙන්වීමේ සිද්ධිය: අදාල ලියැවිලි තවම සී.අයි.ඩී යට ලැබී නෑ හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 8ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි මෙතෙක් තම දෙපාර්තමේන්තුව වෙත ලබා නොදීම හේතුවෙන් එහි විමර්ශන ප්‍රමාදවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ අද (15) ප්‍රකාශ කළේය. 15 March 2022
ලයිට් කැපිල්ල පැයකින් වැඩිවෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (16) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් ද, ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (15) පස්වරු පැවසීය. 15 March 2022
සජබ විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාලය වටලති දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් කොළඹ දී (15) පස්වරුවේ පැවැත්විණි. 15 March 2022
කොන්දොස්තරලා නැතිව බස් දුවන ක්‍රමයක් හඳුන්වාදෙන්න යයි ඉදිරියේදී කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනයට අවශ්‍ය පනත් සංශෝධන සිදුකරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (15) පැවසීය. 15 March 2022
රටවල් තුනක අගමැතිවරු කිව් අගනුවරට පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. 15 March 2022
ඩොලරය 270 දක්වා ඉහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 270ක අගයක් දක්වා අද (15) පහළ වැටිණි. 15 March 2022
අරක්කු මිලත් නග්ගයි මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. 15 March 2022
දුම්රිය ගාස්තුව වැඩිකරනවාට ස්ථානාධිපති සංගමය විරුද්ධයි දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විරුද්ධ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 15 March 2022
අයි.එම්.එෆ් ප්‍රධානීහු ජනපති හමුවෙති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ කිහිප දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී අද (15) පෙරවරුවේ හමුවූහ. 15 March 2022
අයි.එම්.එෆ් සමඟ සාකච්ඡා ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා වන නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (15) පැවසීය. 15 March 2022
රාජ්‍ය ආයතන හතරක ලොක්කෝ ලබන සතියේ කෝප් කමිටුවට රජයේ ආයතන තවත් හතරක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) හා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා ) හමුවට ලබන සතියේ කැඳවීමට නියමිතය. 15 March 2022
බැසිල්-ආටිගල ඉන්දියාවට යති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු දෙදින සංචාරයක් සඳහා ඉන්දියා බලා අද පිටත්ව ගියහ. 15 March 2022
සජබ සමඟ කොළඹට ජන ගඟක් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මේ වන විට අරඹා ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ තවත් ස්ථාන කිහිපයක මාර්ග අවහිර වී තිබේ. 15 March 2022
චෝදනා තිබියදී පාරිභෝගිකයේ ලොක්කො හතරකට පත්වීම් චෝදනා අඩුපාඩු තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීන් සිවු දෙනෙකුට පත්වීම් ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 15 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026