ප්‍රංශ යුවතියෝ 300ක් දඹුල්ලේ පා ගමනක මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් සමාගම සහ ප්‍රංශයේ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද Raid Amazones 2022 වැඩසටහන සීගිරිය පොල්අත්තාව ගම්මානයෙන් අද දින පෙරවරුවේ ආරම්භ කළේය. 16 March 2022
නිල ඇඳුමට එහා ගිය දරු සෙනෙහස නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂමන්ද සිල්වා මහතා පාසල් සිසුවකුට බත් කවන ඡායාරූපයක් සමාජ මධ්‍යවල හුවමාරු වෙයි. 16 March 2022
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන කැබිනට්ටුවට විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ . 16 March 2022
දිනකට කොරෝනා මරණ එකක් දක්වා පහළට කොරෝනා වයිසරය ආසාදිතවූ එක් අයකු ඊයේ දින මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ අනුව මෙරට කොරෝනා මරණ සීග්‍රයෙන් පහළ ගොස් ඇත. 16 March 2022
ලයිට් කැපිල්ල විනාඩි 30 කින් අඩු වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (17) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (16) පස්වරු පැවසීය. 16 March 2022
කතානායක බුද්ධිමය දේපළ පනත සහතික කරයි බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16) සටහන් කළේය. 16 March 2022
ඇඳිවතත් නැති වන ලකුණු ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ලංකාදීපට පැවසීය. 16 March 2022
ජනතාව පෝලිම්වල දුක් විදිද්දී ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා යහපාලන ආණ්ඩුව තිබුනේ නම් අද ඉන්ධන මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. 16 March 2022
පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රී වගකිව යුතුයි පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත්, ඔහු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිතීඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ සංජීව ජයවර්ධන මහතා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (16) ප්‍රකාශ කළේය. 16 March 2022
ආපනශාලාවලින් හෙට සිට කෑම නෑ ගෑස් නොමැති වීම හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය. 16 March 2022
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපයි යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 March 2022
ඩීසල් නැව දින 4 ක් මුහුදේ ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නෞකාවක් නිදහස් කරගැනීමට නොහැකිව දින හතරක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නතර කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් අද (16) පැවසීය. 16 March 2022
‘ආණ්ඩු විරෝධි සටන දිගටම ගෙනියනවා‘ කොළඹදී ආරම්භ කළ ආණ්ඩු විරෝධී සටන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන තෙක් ඉදිරියට මෙහෙයවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය. 16 March 2022
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 2500ක් වැරදි විදියට යොදවලා මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 2500 ක පමණ මුදලක් පසුගිය රජයේ විෂය බාර අමාත්‍යවරයා මූලික අරමුණුවලින් බැහැරව යොදවා ඇතැයි ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 16 March 2022
දින දින බාල්දු වන රුපියල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 275ක අගයක් දක්වා අද (16) පහළ වැටිණි. 16 March 2022
බැසිල්ට යළි නොතීසි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන මැයි මස 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට පෙත්සම්කරුවන්ට අද (16) යළිත් නියෝග කළේය. 16 March 2022
මිලින්ද මොරගොඩ-ඉන්දියානු බලශක්ති ඇමැති අතර හමුවක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු විදුලි බල,නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිංග් මහතා නවදිල්ලි නුවරදී හමුවූවේය. 16 March 2022
ඩොලර් පන්නන්න උදව් කළ රේගු නිලධාරියාට මාරුවක් ඇමරිකානු ඩොලර් 79,200 ක් (රුපියල් කෝටි එකහමාරකට අධික) කටුනායක ගුවන්තොටුපෙලෙන් වෙනත් රටකට පිට කිරීමට අනුබල දුන් බව කියන රේගු නිලධාරියෙකු ගාල්ලට ස්ථාන මාරු කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. 16 March 2022
අවුරුදු 9 ක් වසා තිබූ කඩදාසි කම්හල ඇරැඹීම රටේ වාසනාවක් වසා තිබූ ඇඹිලිපිටිය කඩදාස කම්හල වසර නවයකට පසුව දේශීය ආයෝජකයෙක් සමඟ ගිවිසුම්ගතව ආරම්භ කිරීමට හැකිවීම රටේ වාසනාවක් බවත් වසා තිබෙන සියලුම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කරන බවත් කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය. 16 March 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන 22 වැනිදා විවාදයට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කළේය. 16 March 2022
අ‘පුර පැත්තකට 18 දා වතුර නෑ අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රදේශයට සිකුරාදා (18 වැනිදා) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පැය හයක් (6) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 16 March 2022
‘කම්කරු දුක අහන්න අලුත් වැඩක් ‘ වැඩ කරන ජනතාවට ඇති ඕනෑම කම්කරු ගැටලුවක් නිර්නාමිකව වුවද ඉදිරිපත් කිරීමට පහසුකම් සලසන පැමිණිලි කළමනාකරණ පද්ධතියක් කම්කරු අමාත්‍යාංශය අරම්හ කළේය. 16 March 2022
බැසිල් ඉන්දීය අගමැති හමුවෙයි ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිතර සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. 16 March 2022
පෞද්ගලික තෙල් ටැංකි රථ හිමියෝ වර්ජනය අත්හරිති ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තෙල් ප්‍රවාහනයෙන් ඉවත්වෙමින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. 16 March 2022
දඹුල්ලේ සෆාරි කරත්තවලින් 3000ක බද්දක් විදේශීය සංචාරකයනට සේවය සපයන කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් රුපියල් 3000 බද්දක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂෙත්රයේ නියෝජිතයෝ පවසති. 16 March 2022
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් එයි පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (16) කොළඹට ළගා වන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 March 2022
‘ලංගම ග්‍රාමීය බස් සීමා කරන්න උපදෙස් ලැබී නෑ‘ ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) ග්‍රාමීය මාර්ගවල ධාවනය කරන බස් රථ ගමන් වාර සීමා කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් මේ දක්වා උපදෙස් ලැබී නොමැති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. 16 March 2022
‘නිලධාරීන් කැපවීම් කළොත් කාබනික වගාව ජයගත හැකියි‘ රසායනික පොහොර සහ වල්නාශකවලට හුරුවූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් වුවත් සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කළහොත් ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කළ හැකි බව තමාට විශ්වාසය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 16 March 2022
නැසීගිය අයියා සිහිකර මල්ලීගෙන් දෙපා අහිමි රණවිරුවාට නිවෙසක් කුරිරු ත්රස්තවාදීන් සමඟ පැවැති යුද මෙහෙයුමකදී සිය දෙපා අහිමිවීමෙන් ඉතා අසරණව සිටි මීගහකිවුල අරාවපාර, ඉමකදුර ගම්මානයේ පදිංචි හයවන ගැමුණු හේවා බල ඇණියේ සැරයන් ජේ.එම්.ඒ.එස්. ජයසුන්දර රණවිරුවා වෙනුවෙන් ඉදිකළ නව නිවස ඔහු වෙත පරිත්‍යාග කිරීම පෙරේදා (14) උදෑසන උත්සවාකාරයෙන් සිදුකෙරිණ. 16 March 2022
‘අයි.එම්.එෆ්. සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ ඉන්නේ නෑ ‘ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ තමන් කටයුතු නොකරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 16 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026