පාක්ෂිකයන්ට කළ තර්ජන ගැන රුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරීම සහ බොරලැස්ගමුවේ පක්ෂ ක්‍රියාකාරිනියකට තර්ජනය කිරීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 18 March 2022
ගෑස් රුපියල් 2000කින් වැඩි වෙයිද? ලිට්රෝ සමාගම ගෑස් සින්ඩරයකින් රුපියල් 2000 ක පාඩුවක් ලබන නිසා ගෑස් මිල කළමනාකරණය කර ලිට්රෝ ගෑස් සමාගම රැකගැනීමට කටයුතු කරන්නැයි ලිට්රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. 18 March 2022
අදත් කොවිඩ් මරණ 3 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 March 2022
සිසුවා කෙළසූ ගුරුවරිය අපේක්ෂිත ඇප ඉල්ලයි වයස අවුරුදු දහසයක පාසල් සිසුවෙකු වසර 4ක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගත හොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පරිගණක ගුරුවරිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ අද (18) අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත . 18 March 2022
හෙටත් පැය 3 යි විනාඩි 45 විදුලි කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (19) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (18) පස්වරු පැවසීය. 18 March 2022
අත්තක කඩන් වැටී වාහන රැසකට හානි නාගොඩ හන්දියේ ඇති විශාල ගසක අත්තක් අද (18) පස්වරුවේ කඩා වැටීමෙන්, ත්‍රීරෝද රථ තුනකට, බස් රථයකට, අධිබලැති විදුලි රැහැන් පද්ධතියට , විදුලි කණු දෙකකට , සෝලා කණු දෙකකට ඇතුළු දේපළ හානි රැසකට හානි සිදුව ඇත. 18 March 2022
ගෑස් බෙදීම අරඹයි රට පුරා ගෑස් පෝලිම් අද (18) දිනයේ ද දැකගත හැකි විය. බොහෝ ප්‍රදේශවලට ගෑස් තොග ලැබුණ ද එම තොග ප්‍රමාණවත් නොවූ බව අලෙවි නියෝජිතයෝ පැවසූහ. 18 March 2022
‘ත්‍රීරෝද රථ ගාස්තු පාලනය මීටර් සමාගම්වලට යටවෙලා‘ ත්‍රීරෝද රථ ගාස්තුව තීරණය කිරීමේ බලය ගාස්තු මීටර් අළෙවි කරන සමාගම්වල අණකට යටවී ඇති බවත් ත්‍රීරෝද රථවලින් ජනතාව සූරාකෑම නැවැත්වීමට රජය මැදිහත්වී ගාස්තු නියාමනය කළ යුතු බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 18 March 2022
යුද්ධය නිමා කරන්න පුටින්ගෙන් කොන්දේසි 6 ක් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යුක්රේන යුද්ධය අවසන් කර සාමය උදා කර ගැනීම සඳහා කොන්දේසි 6 ක් ඉදිරිපත් කර තිබේ. ඒබීසී පුවත් පතට අනුව යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි 6 පහත පරිදි වේ. 18 March 2022
ඩීසල් ටොන් 40,000 ඉරිදා මෙරටට ශ්‍රී ලංකාවට ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන පළමු ඩීසල් තොගය ලබන ඉරිදා (20) ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් පැවසීය. 18 March 2022
මත් ලෝලීන්ට ඖෂධ අලෙවි කළ විශ්‍රාමික වෛද්‍යවරයා දැලේ පිළිකා රෝගීන්ට සහ බරපතල ශල්‍යකර්ම සිදුකළ රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන ඖෂධයක් මත්ලෝලීන් ට අලෙවි කළ බව කියන විශ්‍රාමික වෛද්‍යවරයෙකු (65) කඳානේ දී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය. 18 March 2022
බැසිල් යළි දිවයිනට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර අද (18 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . 18 March 2022
පක්ෂ නායක රැස්වීමේ වෙනසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව(පක්ෂ නායක රැස්වීම) මින් ඉදිරියට පාර්ලිමේන්තුව කැඳවෙන සතියේ සෑම අඟහරුවාදා දිනකම රැස්වීමට තීරණය කර ඇත. 18 March 2022
වාහන සිය ගණනක් තෙල් නැතුව අධිවේගයේ නවතී වාහන සිය ගණනක් ඉන්ධන නොමැතිව පසුගිය දින කීපයේදී අධිවේගී මාර්ගයන්හි තැන තැන නතරවී ඇතැයි වාර්තා වේ. 18 March 2022
ඉන්ධන ප්‍රශ්න විසඳන්න කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක් ඉන්ධන ප්‍රශ්න විසඳීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ මාලාවක් අලුතින් ලබාදී ඇත. 18 March 2022
රත්තරන් තවත් ගණන් උසස්යි ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (18) පස්වරුව වන විට රුපියල් 150,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 18 March 2022
‘අර්බුදය නිමවනතුරු පාර්ලිමේන්තු භෝජනාගාරය වහන්න‘ ආර්ථික අර්බුදය නිමා වන තුරු පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන්නැයි තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 18 March 2022
මැතිසබයේ කෑමබිල කෝටි නවයට නගී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ එහි අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තාවේ. 18 March 2022
නාවල ඉන්ධනහල කොල්ල කයි හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ රැගෙන නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද 18 අළුයම පැමිණි පුද්ගලයන් පස්දෙනකු පොම්පකරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මිරිහාන පොලිසිය කියයි. 18 March 2022
‘මූල්‍ය දූෂණ චෝදනාවට කොන්දොස්තර ඉවතට‘ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) කිරිඳිවැල ඩිපෝවට අයත් කටුනායක - ඇඹිලිපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයෙක් මුදල් වංචා චෝදනාවකට රාජකාරි අත්හිටුවීමට ලංගම පාලන අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ. 18 March 2022
දුම්රියේ ඇඩ් දමා කෝටි ගානක පොලු තියලා දුම්රිය ස්ථානවල සහ දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි ස්ථානවල දැන්වීම් පළකිරීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට පෞද්ගලික ආයතනවලින් සහ දැන්වීම් නියෝජිත ආයතනවලින් රුපියල් කෝටි ගණනක ගෙවීම පැහැරහැර ඇති බව දැනගන්නට තිබේ. 18 March 2022
‘අර්බුදය කලින් දුටු ජනාධිපති අයි.එම්.එෆ් සමග සාකච්ඡා නොකිරීම ගැටලුවක්‘ ජනාධිපතිවරයා රටේ පවතින අර්බුදය කල් තියා දුටුවේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්න සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටින බව එහි භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 18 March 2022
ලංගම බසය හිටි හැටියේ ගිනි ගනී දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් එක වරම ගිනි ගැනීමට ලක්ව ඇතැයි පොලීසිය කියයි. 18 March 2022
ප්‍රදේශ රැසකට දහවල් කාලයේ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට (18) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 March 2022
මංගල්‍යය අස්සේ මනාලයාගේ බෙල්ල කපා මරාදමලා කොම්පඤ්ඤවීදිය ඩෝසන් පාරේ පැවැති විවාහ මංගල උත්සවයත් අතරතුර ඇති වු ආරවුලකින් මනාලයාගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. 17 March 2022
නිදහස් කරගත් ගෑස් ටොන් 3500 දින දෙකෙන් ඉවරයි ලිට්රෝ සමාගම අද (17) නිදහස් කරගත් ගෑස් මෙටි්රක්ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකහමාරක සැපයුමට පමණක් ප්‍රමාණවත් බව එම සමාගමේ උසස් නිලධධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 17 March 2022
තෙල් අහේනිය අස්සේ අධිබලැති යතුරු පැදි සවාරි ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටු වත්තේ සුමිත්ත හිමියෝ ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පෑහ. 17 March 2022
පාසල් සිසුන් රැගත් බසය පෙරළී 20ක් රෝහලට හම්බන්තොට කටුවන ජාතික පාසලේ සිසුන් රැගත් බස්රථයක් හදුගල හිගුරවත්ත පාලම අසලදී අනතුරකට පත්වී බරපතල තත්වයේ සිටි සිසු සිසුවියන් විසි දෙදෙනකු ලබා රෝහලගත කර ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි. 17 March 2022
ඉන්ධන අර්බුදය තේ කර්මාන්තයටත් වදී ඉන්ධන නොමැතිවීම හා විදුලි කප්පාදුව හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇතැයි තේ කර්මාන්තකරුවෝ පවසති. 17 March 2022
වැලි ජාවාරම්මු අම්බලන්තොට ගමක් වනසති වැලි ජාවාරම්කරුවන් විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද ගොඩ වැලි ජාවාරම හේතුවෙන් අම්බලන්තොට වලේවත්ත ගම්මානය ජනතාවට පදිංචිව සිටීමට නොහැකි තරමට විනාශ වී ගොස් ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. 17 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026