(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ 2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත මේ මස 26 වැනිදා සිට බලාත්මක බව නිවේදනය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පනතේ 1 වන වගන්තියේ (2) උප වගන්තියෙන් අමාත්‍යවරයාට පැවරී ඇති බලය ප්‍රකාරව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන බව ද එහි සඳහන් වේ.