(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණයට සම්බන්ධ පනත් නවයක් ලබන 10 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
මෙසේ විවාදයට ගැනෙන්නේ සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන (සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන යන පනත් කෙටුම්පත්ය.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පනත් කෙටුම්පත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙනු ඇත.
විවාදය එදින උදේ 10.30 සිට පස්වරු 5 දක්වා පැවැත්වේ.
මෙයට අමතරව බන්ධනාගාර ආඥාපනත යටතේ නීති සහ 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග තුනක්ද එදිනම විවාදයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd