(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික අර්බුද, විවිධ වෘත්තීය පසුබිම් ඔස්සේ විග්‍රහ කරමින්, ඒවාට අවශ්‍ය සමාජමය හා විද්‍යාත්මක තිරසර විසඳුම් ලබාදීම සඳහා සමගි ජන බලවේගයට පූර්වගාමී සහායක් සැලසීම ද තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ අරමුණ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
විවිධ වෘත්තීය ස්ථර නියෝජනය කරන යොවුන් සාමාජිකයින් රැසකගෙන් එම සංගමය සමන්විත වේ.
එහි පළමු හමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන නොවැම්බර් පළමුදා සවස 5:30 ට කොළඹ, සිනමන් ලේක්සයිඩ් හි කිංග්ස් කෝර්ට් හි සිදුකෙරේ.
මෙහි ප්‍රධාන දේශනය විපක්ෂ නායකවරයා සිදුකිරීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා, සමාජ ඒකාබද්ධතා හා සාම ක්‍රියාකාරිනී, ගත් කතුවර සාරා කබීර් සහ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීන් එහි විවෘත සාකච්ඡා වටය සඳහා එක්වෙති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සජබ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය ඇරඹෙයි
සමන් විමල Friday, 28 October 2022 11:57 AM
උස නං සභාපති ; කොට නං ලේකම්.
Sameera Friday, 28 October 2022 01:27 PM
තවත් වියත්මගක්ද?