
(විමුක්ති එස් රුද්‍රිගු)
බන්ධනාගාර රැඳවියන් මුහුණදෙන ප්‍රයෝගික හා නීතිමය ගැටළු පිළිබඳව අවධානය යොමු කළ බවත්, විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිරදඬුවම් විඳින රැඳවියන් පිළිබඳව සොයා බලා සුදුසු පියවර ගැනීමට පත් කරන ලද සමොල්චන කමිටු වලින් අපේක්ෂිත ප්‍රථිපල ලැබී නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේයදාස රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් නව සමාලෝචන කමිටු පත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසුවේය.විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිරදඬුවම් විඳින රැඳවියන්, අසනීප තත්ත්වයේ සිටින රැඳවියන් හා මහළු රැඳවියන් පිළිබඳව සානුකම්පිතව සලකා බලා ඔවුන්ට සහනයක් ලබා දීම සඳහා දැනට පවතින නීති සහ රීති වෙනස් කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා වූ පනත් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව විජේයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැදවියො විදින දුක දැකලා දරා ගන්න බැරුව නවක පොලිස් නිලධාරියෙක් සේවයෙන් ඉල්ලා අස්වෙලා. ඔහුට හැගීම් බුද්ධිය ඉතා ඉහළ විය හැක. ඡන්දෙට කරන නාට්‍යයක් නොවී රදවියන්ගේ අයිතිවාසිකම් රකිනවානම් ශීලාචාර රටක් දවසක උදා වෙයි යයි සිතිය හැක..