විපක්ෂ රැළියකට ගිය කතක් වැටී මරුට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය කඹුරාවල ප්‍රදේශයේ දි අද පැවැති සමගි ජන බලවේග රැළියක් සඳහා සහභාගීවීමට පෙළපාලියක ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් මහමග ඇද වැටී මිය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි 20 March 2022
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ . 20 March 2022
කොරෝනා වයිරසය ආවේනික වෙයි කොරෝනා වයිරසය මේ වන විට ආවේනක වෙමින් පවතින බවක් පෙනේනට ඇතැයි කැඩනාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වි ඇත. 20 March 2022
මාස්ක් මිලත් හෙට සිට නගියි මුව ආවරණවල මිල සියයට 30 කින් හෙට (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය. 20 March 2022
රංජන් ජාතික රෝහලට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 20 March 2022
කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 March 2022
තවත් ගෑස් නැවකට මුදල් ගෙවයි ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත අනෙක් නෞකාවට මුදල් ගෙවා නිදහස් කරගත් බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 20 March 2022
කෝටි 12ක රන් සමග අයෙක් මාට්ටු යාපනය කොළඹ බස් රථයකින් රුපියල් කෝටි 12 ට අධික වටිනා රන්බඩු තොගයක් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස මගින් ආමර්වීදිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 March 2022
සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (21) දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 March 2022
පානීය ජලය බෝතල් මිලත් ඉහළට බෝතල් කළ පානීය ජලය බෝතල් මිල ද ඉහළ දැමීමට ජලය නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. 20 March 2022
හෙට පැය 5 ක් ලයිට් නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (21) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (20) පස්වරු පැවසීය. 20 March 2022
අගමැතිට විරෝධය පාන්න ඇවිත් හිස් අතින් යති යාපනයේ සංචාරයක නිරත වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධතා දැක්වීමට පැමිණි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් යාපනය මට්ටුවිල් ප්‍රදේශයේදී හරවා යැවීමට පොලිසිය විසින් කටයුතු කරනු ලැබීය. 20 March 2022
රත්මලානෙන් ජාත්‍යන්තරයට ගමන් අරඹයි රත්මලාන ගුවන්තොටුපොළින් ජාත්‍යාන්තර ගුවන් ගමන් මෙම මස 27 වැනි දා සිට ආමරභ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 20 March 2022
‘‘මෙරට ආහාර හිඟයක් ඇති වෙන්නේ නෑ‘‘ ශ්‍රී ලංකාවේ කිසිම ආහාර හිඟයක් ඇති නොවන බව වගකීමෙන් පවසන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 20 March 2022
දොස්තරගේ වාහනේ දොර බලෙන් විවෘත කර කොන්ත්‍රාත්කරැ යතුරක් අරන්ගිහින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි රථගාලෙහි නතරකොට තිබූ හදිසි කැඳවුම් විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ මෝටර් රථයක් බලෙන් විවෘත කොට එහි තිබූ යතුරක් රැගෙන ගිය රෝහල් කොන්ත්රාරත්කරුකු අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය කියයි. 20 March 2022
රජයේ මුද්‍රණ කටයුතුත් නවතින ලකුණු පොත්පත් ලිපි ද්‍රව්‍ය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඇණවුම් කෙරුණු කඩදාසි (වයිට් ප්‍රින්ටින්) ඇතුළු ද්‍රව්‍ය ටොන් 1000ක් පමණ ඩොලරයේ ප්රශ්නය නිසා ප්‍රමාදවීමෙන් රජයේ ආයතනවල ඉදිරි මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්වයක් උද්ගතව ඇතැයි වාර්තාවේ. 20 March 2022
ගෑස් ගන්න ඇවිත් මහා කලබලයක් පිළියන්දල බටුවනදර ගෑස් තොග බෙදාහිරීමේ මධ්‍යස්ථානට ආ ගෑස් පරිභෝගිකයන් හා එහි හිමිකරුවන් අතර අද උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 20 March 2022
ලාෆ් ගෑස් මිලත් නගී ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4199 ක් දක්වා අද (20) සිට ඉහළ දමා තිබේ. 20 March 2022
ඉන්ධන පොලිමේ සිටි තවත් අයෙක් මරුට කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් අසල භූමිතෙල් ලබාගැනීම සඳහා පොලිමේ සිටි 70 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු හදිසියේ රෝගාතුර වි රාගම රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය කියයි 20 March 2022
ඓතිහාසික සිරිපතුල සොරාගත් සැකකරු අල්ලයි කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරුඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල සොරා ගත්තේ යැයි කියන 50 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි. 20 March 2022
කොන්ත්‍රාත්තුවක් දී පියා ඝාතනය කළ අජාසත් පුතා කොටුවෙයි තම පියා ඝාතනය කිරීමට රුපියල් පනස් දාහක කොන්ත්‍රාත්තුවක් ලබා දී පියා කපා කොටා ඝාතනය කළ පුතා ඇතුළු තවත් අයෙකු මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මඩකළපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන ඒකකය කියයි. 20 March 2022
නවගමුව ඕ.අයි.සී ගෑස් පෝලිම් වලට අයිස්පලම්-ජලය බෙදයි නවගමුව ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදාහැරීමේ අංගනයකට ගෑස් ලැබෙන තුරු පැය ගණනක් පෝලිම්වල රැදි සිටි ප්‍රදේශවාසීන්ගේ පිපාසය සන්සිදුවීමට අයිස්පලම,ජලය ලබාදීමට නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවිත් ලක්ශ්මන් ද සිල්වා මහතා කටයුතු කළේය. 20 March 2022
විසඳුම් ඉල්ලා යාපනය වැසියෝ පාරට බසිති උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් යාපනය සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් යාපනය කඳුරුගොඩ විහාරය ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ. 20 March 2022
‘අර්බුධයේ නිර්මාණකරුවා ගැන කරුණු සහිතව ඔප්පු කළ හැකියි‘ අර්බුදයේ නිර්මාණකරුවා වන්නේ නිසි වේලාවට තීන්දු නොගත් ජනාධිපතිවරයා බව කරුණු සහිතව ඔප්පු කළ හැකි යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 20 March 2022
දත්ත ආරක්ෂණ පනත ඇතුළු පනත් තුනකට කතානායකගේ සහතිකය පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් තුනකට කතානායකවරයා සහතිකය සටහන් කළේය. 20 March 2022
කිරි තේ එකක් රුපියල් 100 යි කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 20 March 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වහයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන හෙට (21) සිට සති තුනක පමණ කාලයකට නැවත වසා දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. 20 March 2022
නවතා තිබූ ලොරියක වෑන් රිය හැපී පස් හැවිරිදි දරුවා මරුට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙණියේ හෝටලයක් අසල දී නවතා තිබූ ලොරියක වෑන් රථයක් හැපී වෑන් රියේ සිටි පස් හැවිරිදි දරුවෙකු මිය ගොස් තවත් පස් දෙනෙකුට තුවාල සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය පවසයි. 20 March 2022
ඉන්ධන අර්බුධය ආර්ථික මධ්‍යස්ථානයත් අඩපණ කරයි රට තුළ පවතින ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය ඇතුළු විවිධ අර්බුද හේතුවෙන් බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවලු අලෙවිය සහ එළවලු ලැබීම බොහෝ සෙයින් පහළ බැස ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගම් පවසයි. 20 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026