ඇමෙරිකා තානාපතිනිය රනිල් හමුවෙයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (21)සිදුව තිබේ. 21 March 2022
දෙමටගොඩ රුවන් 4 දා තෙක් යළි රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය. 21 March 2022
එජාප සත්‍යග්‍රහයට සියලු පක්ෂවලට එන්න කියයි ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කිරීමට තීරණය කර තිබේ. 21 March 2022
චීන පොහොර නැව ආයෙත් අනිවාර්යෙන්ම ලංකාවට එනවා චීන පොහොර නැව අනිවාර්යෙන්ම නැවත ලංකාවට එන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. 21 March 2022
චීන ගුවන් යානයක් කඩා වැටේ එකසිය තිස් තුන් දෙනකු රැගත් චීන මගී ගුවන් යානයක් කඩා වැටුණි. මෙය ‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් රට අභ්‍යන්තර ගුවන් යානයකි. 21 March 2022
ඉන්ධන ප්‍රශ්නෙන් ගුවන් කුරුල්ලෝත් නිහඬ වෙති ඉන්ධන ප්රශ්නය නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් පියාසර කිරීම්ද සීමා කර ඇතැයි ගුවන් හමුදාව පවසයි. 21 March 2022
තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනු ඔටිසම් දැරිය ඔටිසම් රෝගයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇත. 21 March 2022
පෙම්වතිය මරා කැලණි ගඟට දාලා ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවසේදී තම පෙම්වතියව ගෙල සිරකර ඝාතනය කර ඇති පෙම්වතා ඇයගේ මළ සිරුර කාර් රථයකින් රැගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කළේය . 21 March 2022
අන්තර් පාර්ලිමේන්තු සංසදයේ පළමු සැසිවාරය අන්තර් පාර්ලිමේන්තු සංසදයේ පළමු සැසිවාරය ඉන්දුනීසියාවේදී ආරම්භ කෙරිණ. 21 March 2022
ශ්‍රී ලංකාව චීනයෙන් ලොකු ණයක් ඉල්ලයි ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බවත් එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා අද (21) පැවසීය. 21 March 2022
අලුත් විස්සෙ කාසි දෙකක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මේරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් විස්සක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහභාගිත්වයෙන් අද (21) සිදුවිය. 21 March 2022
සජබ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයි සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 21 March 2022
බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 March 2022
දර්ගා නගරයේ ගෑස් පෝලීම උණුසුම් වෙයි අලුත්ගම දර්ගා නගරයේ ගෑස් පෝලීම් වල රැදී සිටි පිරිස ,පොලීසිය සහ ගෑස් අලෙවි නියෝතයා සමඟ අද (21) උණුසුම් තත්ත්වයක් ඇති විය. 21 March 2022
ඉතිහාසගත ලෙස රුපියල බාල්දුවෙයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 285 අගයක් දක්වා අද (21) පහළ වැටිණ.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරට වේ. 21 March 2022
යතුරුපැදිය තාප්පයේ ගැටී දෙදෙනක් මරුට තිදෙනෙකු ගමන් ගත් යතූරැ පැදියක් අනාරක්ෂිතව අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටීමෙන් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල සහිතව මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව මාවනැල්ල පොලීසිය පැවසිය. 21 March 2022
බේස්ලයින් මාර්ගය අවහිර වෙයි විරෝධතාවක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ. 21 March 2022
බස්නාහිර පාසල් විභාග නියමිත පරිදි බස්නාහිර පාළාත් පාසල්වල අර්ධ වාර්ෂික විභාගය නියමිත පරදි පැවැත්වෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අංශය සඳහන් කරයි. 21 March 2022
සහල් සඳහා පාලන මිලක්? සහල් සඳහා පාලන මිලක් පැනවීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 21 March 2022
මිරිගම තෙල් පෝලිමකදී තවත් අයෙක් මරුට මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි. 21 March 2022
ඉන්ධන පෝලිමේ කතාව පිහි ඇනුමකින් කෙළවර වෙයි නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් පෝලිමේ ඇති වී යැයි කියන බහින් බස්වීමක් අවසානයේ පිහියකින් ඇනීම හේතුවෙන් බරපතල තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටි විසි නම හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි. 21 March 2022
බන්ධනාගාර බත්පතත් බරක් වෙයි බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ. 21 March 2022
වැස්ස සිහින් වෙයි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 March 2022
බත්කඩේ බින්ඳ හොරා වෙඩි තබා අල්ලයි රත්මලාන ප්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපන ශාලාවකින් මුදල් කොල්ලකා ,සේවකයන් දෙදෙනකුට තුවාල සිදුකර පලායමින් සිටි පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 21 March 2022
ඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයි ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. 21 March 2022
බසයක් පෙරළී අයෙක් මරුට 20කට තුවාල මුලතිව් - යාපනය ප්‍රධාන මාර්ගයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද (20) සවස පෙරලී සිදු වූ අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් 20 දෙනකු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසීය. 20 March 2022
ආර්ථික සභාවට උපදෙස් දෙන්න තවත් දෙදෙනකු පත්කරයි ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති ආර්ථික උපදේශක සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් ව්‍යවසායකයන් දෙදෙනකු පත් කරනු ලැබ ඇත. 20 March 2022
ආසාදිතයන් අද 236යි කොවිඩ් ආසාදිතයින් තව 236 ක් අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 20 March 2022
සර්වපාක්ෂික සමුළුව ගැන උදයගේ මතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුව ප්‍රෝඩාවක් බවත්, ඒ රැවටීමට සම්මාදම්වීමට නොහැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය. 20 March 2022
රුසියන් කත වැලි ලොරියට යටවී මරුට රුසියානු ජාතික කාන්තාවක් අහංගම නගරයේදි වැලි ලොරියකට යටවිමෙන් අද සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 20 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026