(ඩයනා උදයංගනී)
විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මැතිවරණ කල්දැමීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් තමන් උසාවියාමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවත්, එබැවින් ඔහු තනතුරෙන් ඉවත් කරගැනීම ආණ්ඩුවේ එක් බලාපොරොත්තුවක් වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ‘නිදහස ජනතාව සභාව’ මගින් කොළඹ දී අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ලොව අපිරිසිඳුම මිනිසා වූ හාජි නෑමට බියවූවා සේම වත්මන් ආණ්ඩුව මැතිවරණවලට බය බව ද අලහප්පෙරුම මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා ආරංචි වුණා... කවුද මේ නස්පැත්තිය කරපු කෙනා...?
ඩලස් හිතාගෙන ඉන්නේ එයා ජාතික නායකයෙක් කියලා. පව් අප්පා...!
ඩලස් දැන් ඔහොම කිව්වට මේක ඔයාලත් සම්මාදම් වෙච්චි ජඩ ආණ්ඩුවක්.