(සුජිත් හේවාජුලිගේ )
පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවට ගොඩවීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
" ඒ අය ආපහු කොහෙ නැගිටින්න දැයි " සිරිසේන මහතා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට පුළුල් සන්ධානයකින් තරඟ වදින බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ බලපෑමට නතු වී ඇති බව පෙනෙන්නට ඇතැයිද සඳහන් කළේය.
මේ ආණ්ඩුවෙන්ද රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබී නැතැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළුරටම යාචකයෝ බවට පත්වෙලා තියෙද්දී කොහේ ඉන්න යාචකයෝ ගැනද කියවන්නේ..?
අපේ රට ගැන ‘‘යාචකයෙකුට තියන තරම්වත් රට, ජාතිය, මනුස්සයින් ගැන හැඟීමක්‘‘ නුඹලාට නැහැ...!
කතාවනම් ඇත්ත... ඒත් බයි වහල්ලු නම් තාම ඉන්නවා.
උඹලට ජනපති කියන උන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනි.
රටේ විනාශයට මුලපිරූ තවත් එකෙක්. දැන් පක්ෂයත් වනසනවා.