බ්‍රසීල ජනාධිපතිවරණයේ ඊයේ(30) පැවති දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ඡන්ද 60,345,107 ලබාගනිමින් ලූලා ද සිල්වා ජයග්‍රහණය කළේය.එය ප්‍රතිශතයක් ලෙස සියයට 50.9 කි.
යාර් බොල්සරානෝ හට ලබා ගත හැකි වූයේ ඡන්ද 58,205,814 ක් පමණි එය ප්‍රතිශතයක් ලෙස සියයට 49.1 කි.
බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය ඊයේ(30) පැවැත්වින. අවසන් වටය සඳහා ඉදිරිපත් වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනාගත් අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති යාර් බොල්සරාවෝ සහ හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වාය.
දෙවනි ධුරයක් අපේක්ෂා කරමින් ජනපති සටනට ඉදිරිපත් වුණු යාර් බොල්සරානෝ අන්ත දක්ෂිණාංශිකයෙකි. ලූලා ද සිල්වා වාමාංශිකයෙකි.
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය ඔක්තෝබර් දෙවැනිදා පැවැත්විණි. ඊට අපේක්ෂකයන් 11 දෙනකු ඉදිරිපත් වුණු අතර කිසිවකුට සියයට 50 කට වඩා වැඩියෙන් ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි වටයකට යාමට සිදුවින.පළමු වටයේ වැඩිම ඡන්ද ප්‍රතිශත හිමිකර ගත්තේ බොල්සරානෝ සහ ලූලා ද සිල්වාය.
ලූලා ද සිල්වා 2003 සිට 2010 තෙක් කාලයේ බ්‍රසීල ජනාධිපති ධුරය හෙබවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලූලෙක් නැති අපේ වලේ කනයා පණ්ඩිතයා වෙලා
මහතීර් මොහොමඩ්, ජුනියර් මාකෝස් යලි බලයට ආව පුවත වගේම මේ පුවතක්, රාජපක්ෂ වෛරයෙන් සහ ක්‍රෝධයෙන් පෙළෙන ජවිපෙ, සජබ භක්තිවන්ත දායක නෝනා මහත්තුරුන්ට හීන් දාඩිය දැමීමට හේතු වනවා ඇත.
ඒ කියන්නෙ කනයා ඇගමති කරයි ද??