IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


‘‘රට වැසියන්ගේ හෘද සාක්ෂිය මැරිලා‘‘

( තිලකරත්න දිසානායක)

ලංකාව තුළ ලොකු කුඩා පරිමාණයෙන් සිදුවන දුෂණය, හොරකම, බොරුව  හේතුවෙන් රටෙහි ප්‍රගතියට බාධාවක් නිසා පුද්ගලයන්ගේ පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාවෙහිම හෘද සාක්ෂිය මිය ගොස් ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.

"හෘද සාක්ෂිය තමයි අපිට පෙන්වන්නෙ හරිදේ කරල දෙවියන් වහන්සේටත් , අසල් වැසියාටත් ප්‍රේම කරන්නට, අපි වීරෝධාර විය යුත්තේ ඇයිද කියල. අද හෘද සාක්ෂියක් අපිට තිබෙනවාද ? හුගක් වෙලාවට මරල නේද තියෙන්නෙ. බලන්න මාධ්‍යවල ප්‍රචාරය වන දේවල්. හැමදාම වගේ තියෙන්නෙ මිනී මැරුම්, හොරකම්,දුෂණ , අපරාධ තමයි.

මේ අපේ රට ධර්මද්වීපයක් කියා කිව්ව. ආගම් අදහන මිනිස්සු ඉන්න රටක් කියා අපි පම්පෝරි ගැහුව. අනෙක් රටවල් ඉදිරියේ අපි ආගම හරියට අදහන, ආගම ව්‍යවස්ථාවේ දාල තියෙන දෙයක් විදියට අපි හැඳින්වූවා.විදේශ රටවල ව්‍යාවස්ථාවට ආගම ඇතුල් කර නැහැ. නමුත් අප රටේ ආගම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙනව. අපි ආගම ගැන පාරට්ටු කර ගත්තත් අපේ සමාජය තුල මේ ඇතිව තිබෙන තත්ත්වයට හේතුව කුමක්ද ?හේතුව අපේ රටේ වගකිව යුත්තන් පමණක් නොව සෑම කෙනෙක්ම වාගේ තමන්ගේ හෘද සාක්ෂිය අමතක කරල එයට විරුද්ධව කටයුතු කිරීමට පුරුදුව සිටීමයි. හුගක් දෙනෙකුට හරිදේ වැරදි දේ අතර වෙනස දැන් පෙනෙනේ නැහැ. ඒ නිසා අද සමාජය තුල වැරදි දේ කරන්නට මනුෂ්‍යයා පෙළැඹී සිටින්නෙ.

 



අදහස් (18)

‘‘රට වැසියන්ගේ හෘද සාක්ෂිය මැරිලා‘‘

SISIL Sunday, 30 October 2022 08:21 PM

වර්තමාන සමාජයේ පුද්ගල, දේශපාලන,ආගමික හෝ වෙනත් සමාජීය කණඩායම් ඔවුන්ගේ පුද්ගලික හෝ පොදු ලාබ හෝ ප්‍රයෝජන වෙනුවෙන් හරිදේ වැරදි ආකාරයටත් වැරදි දේ නිවැරදි ආකාරයටත් දැකීමට පෙළැඹී සිටි. මේ සදහා දේශපාලන, නිතිය සහ ආගම් තුලින් පවා නිදහස ලබාදී තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

:       50       34

Ratne Sunday, 30 October 2022 08:43 PM

100% correct.

:       189       33

Rohana Sunday, 30 October 2022 09:07 PM

කාදිනල්තුමා කියන්නේ ඇත්ත තමයි. ඒත් අපේරටේ ඇත්තට තැනක් නෑ. දේශපාළුවන් වන්දනාමාන කරන එකයි අපේ රටේ සම්ප්‍රදාය. නීතියක් රීතියක් නෑ. පොඩි මිනිහව තලාපෙලන්නයි නීතිය යොදාගෙන තියෙන්නෙ. බල පුළුවන් කාරයින් නීතියෙන් රිංගලා ගිහින් මොකුත් වරදක් නැති ශුද්ධවන්තයින් වගේ ජීවත් වෙනවා.

:       123       37

Tissera Monday, 31 October 2022 12:10 AM

පලමුව පල්ලියේ ස්වාමිලා සිස්ටර්ලාගෙ හෘද සාක්ෂිය මැරිලා කියලා බලන්න

:       10       89

Perera Monday, 31 October 2022 01:40 AM

ආගම දහම බිස්නස් එකක් උනු රටක, පාසල් පද්දතිය ආගම් වෙනුවෙන් බෙදුණු රටක, පුංචි කාලේ ඉදන් තනියම හිතන එක වෙනුවට අනුන්ගේ මති මතාන්තර හිතන්න පුරුදු කරපු රටකට,මිනිස්සුන්ගේ මොළවලුත් මැරිලා.

:       2       65

ගයාන් Monday, 31 October 2022 08:30 AM

ඒ කාලෙ අපිට මේව තෙරෙද්දී ඔබතුමාලත් තේරැම් ගත්තනම්....

:       2       63

Alfread Monday, 31 October 2022 09:29 AM

ඔබගේ හෘදය සාක්ශියෙනුත් අහල බලන්න පාස්කු ප්‍රහාරය දැන දැන මිනිස්සු මැරෙනකන් නැවැත්තුවෙ නැති එකට ඔබත් විත්තිකාරයෙක් නෙමේද කියලා. අපි බලමු දෙවියන් දඬුවම් දෙන දවසට..

:       12       98

යෝගා Monday, 31 October 2022 09:34 AM

ඇත්ත. ඒකට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනේ තමන්ගේ ආගමේ කටයුතු හැර දේශපාලනය ඇතුලු අනෙක් සියළුම දේවල් කරන ආගමික නායකයින්.

:       1       82

fairoos Monday, 31 October 2022 12:07 PM

ජාතිවාදීන්ට කොහෙද ඔව තේරෙන්නෙ.. ණන්දදසේන රට කෑව

:       68       12

BamunuarachchiTuesday, 01 November 2022 06:00 AM

සිංහල අපේ ජාතිවාදය නොතිබුනානම් මෙරට හමබකරණය වෙලා බොහොමකල්. දෙමල්ලු වෙනම රජයක් ඉල්ලන එක මොවුන්ට ජාතිවාදය නොවෙයි. මුලු ලෝකයම මුස්ලිම් කරන එක මොවුන්ට ආගම්වාදය නොවයි. මෙරට හබකරණය කරන්න දෙන්න බැහැ, මේ සිංහල බෞද්ද රටේ වෙන රාජ්‍ය දෙන්න බැහැ කියන එක හමබ සෙට් එකට ජාති වාදය. ඒකද කියන්නේ ? උත්තර දීපන්.

:       1       0

BamunuarachchiTuesday, 01 November 2022 06:05 AM

නන්දසේනව ජාතිවාදී කලේ සිංහල බෞද්ද අපි. සිංහල බෞද්ද රජයක් ඇතිකරන්න චන්දය 69 ලක්ෂයක් දීලා. උන් උන් බෙදුනාට අපි තවම සිංහල බෞද්ද රජයකට පක්ෂයි. උන් උන් බෙදිලා කැකුණ තැලුවාට හම්බයින්ට රජ මගුල් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

:       1       0

jinnaTuesday, 01 November 2022 08:33 AM

පාස්කු බෝම්බෙ ගැහුවේ මුස්ලිම් අන්තවාදීන් බව දැන දැන දෙගොල්ලෝ ඔය කොරන්නේ දෙගොල්ලොම රවට්ටා ගැනීමක් නේද.. අන්තිමට කොහෙවත් හිටපු රාජපක්ෂ වැරදි. උන් රට කාපු බව ඇත්ත. ඒත් පාස්කු බෝම්බත් රාජපක්ශගේ කියනකොට සහරාන් අපායෙ ඉඳගෙනත් දෙපැත්තෙන්ම හිනාවෙනව ඇති.

:       0       1

බද්රානිWednesday, 02 November 2022 04:21 PM

පාස්කු බෝම්බ ප්‍රහාරකයින් එතනදීම මිය ගියාට, බෝම්බ ප්‍රහාරය සැලසුම් කල එවුන් තවම විඳවමින් ජීවත් වෙනවා. ලේ මතින් ලබා ගත් බලය අද ඔවුන්ට නැත. සඟවා ගත් වෙළුම් පමණක් ඔවුන් සතුව ඇත. බෝම්බ ප්‍රහාරයට කලින් කපපු විල්පත්තුව දැන් නොකැපේ. හලාල් ආගිය අත්යක් නැත. වඳ කොත්තු හා වඳ බ්‍රශියර් වඳම විය. ශාපි දොස්තර මිරිකපු ගැබ්ගෙල නාලිකා දැන් නැවතත් සක්රියවී ඇත. බෝම්බ ප්‍රහාරයෙන් පසුව ගිනි ඇවිලූ එකෙකුගේ කකුලක් දැන් ගිනිගෙන ඇත. සහරාන්ලාට බෝම්බ තාක්ෂනය සැපයුවන්ට මතු දිනෙක තාක්ෂනයෙන්ම දඬුවම් ලැබෙනු ඇත. "කකුළුවා නටන්නේ හැලිය රත්වෙන තුරු පමණක් බව" මතක තබා ගන්න.

:       1       3

sunil Wijeratne Monday, 31 October 2022 12:25 PM

Happy be as SRI Lankan, සුනඛයින්ගෙන් බේරිමට පිම්මේ දිව ආ දැවැන්ත මුවකු විදුලි වැටක ගැටි වැටිමෙන් පසු උදැල්ලකින් ගසා මරා දැමිමේ චෝදනාවක් සම්බන්ධව කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු ඊයේ ( 30 ) දින අත් අඩංගුවට ගත් බව වනජීවි නිලධාරිහු පවසති. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව එගොඩපිටිය පදිංචි 55 හැවිරිදි අයකු බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාල නිළධාරින් පවසයි. ආසන්නයෙ රක්ෂීතයක රැදි සිටි මුව රංචුවකින් අතරමං වී ඇති මුවා නැවත රක්ෂීතයට ගමන් කරමින් සිටියදී සුනඛයින්ගේ ග්‍රහණයට ලක්වි ඇති අතර සුනඛයින්ගෙන් බේරිම සදහා දිව යමින් සිටියදි ඉඩමක් වටා ඇද තිබු විදුලි අලි වැටක ගැටි ඇති බව කියයි. විදුලි අලි වැටෙ ගැටිමත් සමග ඇද වැටි ඇති මුවා ඒ ආසන්නයෙ ඉඩමක් වැඩ කරමින් සිටි පුද්ගලයකු මුවා බේරා ගැනිම පසෙක තබා අත වු උදැල්ලෙන් ගසා මුවා මරා දමා ඇති බව වන ජීවි නිළධාරින් පවසයි. අදාල සිද්දිය දුටුවෙකු වනජීවි නිළධාරින්ට මේ බව දැනුවත් කිරීමත් සමග අදාල ස්ථානයට කඩිනමින් ගිය වනජීවි නිළධාරින් උදලු පහරින් මරණයට පත්වි සිටි දැවැන්ත අගමුවා සමග සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිව තිබෙයි.

:       21       1

Athula Monday, 31 October 2022 02:18 PM

රටක් ආර්ථික වශයෙන් අන්තිමට පිරිහු පසු සියළුම මානව බැඳීම් ගිනිබත් වෙනවා. අද අපරාදය කියන එක ඉතාම සරල දෙයක්. බලවතුන්ට වුනොත් විතරයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ. මනුස්සකම තඹ දොයිතුවකට මායිම් නොකරන අවනීතිය ඉතාම ප්‍රසිද්දියේ ක්‍රියාත්මක වෙනවා. රජයේ වගකිව යුත්තන් ඉතාම හිරිකිත ලෙස ඒවා මගහරිනවා .අද පොලිසිය තමයි වැඩිපුරම රටේ අපරාද කරමින් ඒවා සාදාරනයි කියලා ඔප්පු කරන්න මාධ්‍ය සංදර්ශන තියන්නේ. මේක මෙහෙම වෙන්න ඉඩ දෙන්න බැහැ

:       2       8

Lakshitha Tuesday, 01 November 2022 07:10 AM

අන්න විදේශ රටවල තත්ත්වය ගැන පාප්තුමා ලස්සන කතාවක් කියල තිබුනා. පූජකවරු කාමුක දර්ශන බල බල ළමයි දූශනය කරල තියෙනව ඒ රටවල් වල. ඔයා මෙතන උන් සුද්ධ කරන්න හදනව. පව් හැබැයි.

:       1       1

බද්රානි Tuesday, 01 November 2022 08:27 PM

හෘද සාක්ෂි පමණක් නොවෙයි, සමහරක් සුනඛයින්ගේ දත කටත්, කාදිනල් තුමාගේ කතාවට පුට්ටුවෙලාද කියලා වෙලාවකට හිතෙනවා. ධර්මද්වීපයේ ජීවත් වෙනවා කිව්වට ඉතින්, අශිෂ්ඨයෙක් ලෙසින් අධර්මවාදීව ජීවත් වෙන්න පුළුවන් නම්, කාදිනල් තුමාටත්, මේ අමනයින්ගේ දේශයේ ලොකු ගමනක් යන්න පුළුවන්. අපි එදා දැක්කනේ මහානායකටත් වඩා ඉහලින් මුරුංග අත්තක තැබුව කාදිනල් තුමාව? එහෙම නැත්නම් ඉතින් උන්ගේ අණට අකීකරු වූ ඔබව , මේ නායක පුජකයින්ද එක්ව, පාලක පිලාත්ලා ඔබව, ව්‍යවස්ථානු කුලව කුරුසේ කුරුසයේ ඇන ගසනු දවස වැඩි ඈතක නැහැ.

:       32       6

පීටර් Wednesday, 02 November 2022 07:07 PM

ඔබේ හෘද සාක්ෂියත් යම් පාලකයන් වෙනුවෙන් කාලයක් වසා ගෙන හිටියා නේද…..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 365 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 179 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 389 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1300 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 781 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 824 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1431 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site