
ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ කුඩා එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් මේ වනවිට මිය ගිය ගණන 130 ක් දක්වා වැඩි වී ඇතැයි ඉන්දීය පොලිස් අංශ උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙලෙස කඩා වැටුණේ මොර්බි නමැති නගරයේ මචූචු නදියට ඉහළින් ඇති මීටර් 230 ක් දිග මගී පාලමය. පාලම කඩා වැටෙද්දී එහි 400 කට වැඩි පිරිසක් සිටි බව ද පැවැසෙයි.
මෙය කඩා වැටී ඇත්තේ ඊට දැරිය නොහැකි තරමට පිරිසක් පාලම මත සිටි නිසා යැයි බලධාරීහු පවසති. වසර සියයක් පමණ පැරණි පාලම සම්පූර්ණයෙන්ම නවීකරණය කර ජනතා අයිතියට පවරා ඇත්තේ පාලම කඩා වැටීමට දින හතරකට පෙර බවද වාර්තාවෙයි.
ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. මෝදි මේ වනවිට තෙදින සංචාරයක් සඳහා ගුජරාඨයට පැමිණ සිටින බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නිජබිමේ පාලමක් කඩාවැටීම ගැන මෝදිට ලැජ්ජා හිතෙන්නේ නැද්ද ?
හරිම කනගාටුදායකයි.
කුඩා පාලමක්ලු... දිග මීටර 230ක්ලු... එහෙනම් අපේ රටේ තියෙන්නේ ඒ දඬුද?
නෙළුම් කුළුණ ගැනත් බයයි අනේ...!
ගොඩනැගිලි, පාලම් හදන්න, වියදම් කරන්න දැනගත්තාට මදි... ඒවා නිසි වෙලාවට, නිසියාකාරයට, නඩත්තු කිරීම සහ අලුත්වැඩියාව..‘‘ තමයි වැදගත්...!