(අංජුල මහික වීරරත්න)

වී වගාවට අවශ්‍ය TSP (මඩ පොහොර) පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආධාරයක් වශයෙන් ලබන යල කන්නයේ දී  ලබා දීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය( USAID) එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙි වන විට එම පොහොර අපනයනය යුක්රේනය විසින් අත්හිටුවා ඇති නිසා මෙවර මහ කන්නයට ලබා ගැනීමට අපහසු නමුත් ලබන යල කන්නය සඳහා ස්ථිර වශයෙන්ම ගොවීන්ට නොමිලයේ මඩ පොහොර ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.  

වී වගාවට අවශ්‍ය යුරියා පොහොර, බණ්ඩි පොහොර හා ත්‍රිත්ව සුපිරි පොහොර හෙවත් මඩ පොහොර ලබා දීමට කටයුතු කිරීමේ දී රටේ ආර්ථික අර්බුදය දැඩිලෙස බලපෑමක් එල්ල කළත්, මේ වනවිට වී හා බඩඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට රජයට හැකි වූ බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.