(මුදිතා දයානන්ද)

අය වැය සහ දෙවසරක මාධ්‍යයේ නිදහස් ගැන  විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ජනතාව දැනුවත්  කරන්න 2018දී මුදල්  අමාත්‍යංශය කෝටි දහයකට ආසන්න මුදල් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම මුදලින් අය වැය ගැන ජනතාව දැනුවත් කිිරිමේ දැන්විම් නිර්මාණකරණයට හා ප‍්‍රචාරණයට හත්කෝටි තිස්නව ලක්ෂයක් (7,38,92,963ක්* වැය කර ඇති බවද එහි සඳහන් වේ.

දෙවසරක මාධ්‍යයේ නිදහසේ වෙනස සම්බන්ධයෙන් මාධ්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්මක සකස් කිිමට හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ දැන්වීම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ කිරිම සඳහාද 2018දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (2,03,82,180ක්* වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම දැන්විම් සියල්ලේම නිර්මාණරණයට හා ප‍්‍රචාරණයට අදාල පිරිවිතර සකස් කිරිම, තාක්ෂණක ඇගයිම් කමිටුවේ නිර්දේශ ලබාගැනිම රජයේ ප‍්‍රසම්පාදන පරිපාටිය අනුව සිදුකර නැති බවද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.