නවසීලන්තයේ පදිංචි ජයන්ත සමරසේකර මහතාගේ "ටියුටරියේ මාස්ටර්" නම් කෙටිකතා හා කාව්‍ය නිර්මාණ සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය නවසීලන්තයේ දී සිදු කෙරිණි.

ජයන්ත සමරසේකර මහතා ශ්‍රී ලංකාවේ පුවත්පත්වලට ලියා පළකරන ලද කෙටිකතා හා කාව්‍ය නිර්මාන මෙයට ඇතුලත් වේ.

නවසීලන්ත බිමේදී, නිදහස් අධ්‍යාපණය ශ්‍රී ලාංකික දරුවනට දායාද කළ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර වියතුන් ෙ සිහිකරමින් චාම් උත්සවය ඇරඹිනි.‍

ලින්කන් විශ්වවිද්‍යාලයේ වසර තිස් හතරක් පුරා සේවයේ යෙදී ගෞරවණීයව පදවියෙන් විශ්‍රාම ලබා සිටින  කීර්තිමත් මහාචර්යවර්යෙකු වූ රවි ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයා වූ අතර ප්‍රථම පුස්තකය ඔහුට පිළිගැන් වීය.

වෘත්තියෙන් විද්‍යඥයෙකු වූ මංජුල ප්‍රේමරත්න හා  කතිකාචාරිණී නිල්මිනි තිලකරත්න පොතෙහි අන්තර්ගතයේ සාහිත්‍යය රසාස්වාදයද සමඟ වටිනා දේශන දෙකක් පැවාත් වූහ තාරුණ්‍යයේ සාහිත්‍ය රස මිහිර කලන කුමාරසිරි පැහැදිලි කළේය.