(ඉන්දිකා රාමනායක)
මාතර තිහගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවාට වෙඩි වැදීමේ සිද්ධියට සම්බන්ධ වැඩතහනම් කර ඇති උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සහකාර පොලිස් අධිකාරිවරයකු මුලිකත්වයෙන් පොලිස් කණ්ඩායමක් මෙම විමර්ශන සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.
මෙම උප පොලිස් පරීක්ෂකවරයාට අපරාධ චෝදනාවත් තිබේද, නැතහොත් අතපසුවීමක් සිදුව තිබේද යන්න හෙළි කර ගැනීම සදහා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙතෙක් කළ විමර්ශනයේ මෙම ත්‍රිරෝද රථයේ ගමන්ගෙන ඇත්තේ වයස අව්රුදු 15-14 අතර ළමුන් හය දෙනකු බවත්, දරුවන්ට රියදුරු බලපත්‍රයක් නොමැති නිසා ඔවුන් පොලිසිය දැක පලායාමට උත්සහ ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
දරුවන්ට මේ ආකාරයේ ත්‍රිරෝද රථ ධවනයට කිරීම හා ඒ සදහා ඉඩ ලබා දීම සම්බන්ධයෙන් මාපියන් ද මීට වඩා අවදානය යොමු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තියන්න යුක්තියක් තියේද එහෙම
පොලීසියෙ අයියලාගේ පැටිකිරිය හොයන්න ගියොත්. අයියෝ... මන්දා..
දරුවට මොනවහරි උනොත් තිහගොඩ පොලීසිය ඉතුරු වෙයිද?
විමර්ශණ තියලා හාරන්න දෙයක් නැහැ. තුවක්කුව උස්සලා ඉලක්කෙට වෙඩි තියන්න ෆිට් නෑ. ඕකයි සරලම කතාව.
පොලිසියේ හොඳ මහත්වරු ඉන්නවා.ඒ අතරේ මේ වගේ අසමජ්ජාතියෝ 10% ක් විතර ඉන්නවා .පොලිසියට එන්නට පෙර සමාජයේ කිසිම තැනක් නොතිබුණු කිසිම පෞර්ෂයක් නැති එවුන්ට තරුවක් දෙකක් ලැබුනම එවුන් හිතාන ඉන්නේ තමුන්ට හිතෙන ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා.හැබැයි දේශපාලකයෝ ඉස්සරහ හතරට නැමෙනවා
පෙන්ෂන් යන්න කිට්ටු කාලේ කොස්තාපලයෙකුට තරුවක් දුන්නාම ඒක ඒ අයට දරාගන්න බෑ. කරන්නේම ගොන් පාට්. හැම පොලිසියකම ඔය ජාතියේ හාල් කෑලි ඕනෑතරම් ඉන්නවා...
පොලීසියෙන් ආයුද ඉවත් කරන්න. සාමාන්‍ය ජනතාවගේ කටයුතු වලට අවි ආයුධ අවශ්‍ය වෙන්නේ නැහැ. වැටලීම් STF එකට බාර දෙන්න. මේ වගේ අත්වැරදීම් හරි සිදුනොවිය යුතුයි. මුල් කාලේ පොලීසියට දුන්නේ බැටන් පොල්ලක් විතරයි. ආයුධයක් දීලා තියෙන්නේ මේ විදියට හැසිරෙන්න නෙවෙයි.
ඔක අත පසු වීමක් නොවෙයි. මිනී මැරුමක්. පිස්ටල් එකේ කොක් නිකන් ගැස්සෙන්නෙ නැහැ. හිතා මතා කල යුතුයි. ඔව අත පසුවීම් නම් ඔන තරම් වෙඩි තිය තිය කියයි අත පසු වීම් කියල.