බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බේන් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තර⁣ගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නජ්මුල් හොසේන් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 71 ක් රැස්ක⁣ළේය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක සකීබ් අල් හසන් (23) සමග එක්ව පන්දු 44 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නජ්මුල් සමත් විය.

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න

- 036