(සුජිත් හේවාජුලිගේ )
ජනතාව ගින්නට ඇද දැමූ රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම නැවත වතාවක් කිසිවක් නොවුණු ගාණට ජනතාව ඉදිරියට ගොස් හොටු පෙර පෙර අඬමින් සහ දුක කියමින් අළු මතින් නැගිටීමට උත්සාහ දැරීම මේ යුගයේ ලොකුම විහිළුව බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.
ලෝකයේ හොඳම ලෝක විහිළුවට හිමිවිය යුතු සම්මානය රාජපක්ෂවරුන්ගේ ඒ උත්සාහයට හිමිවිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාව නැවත වතාවක් මේ බොරු සෙප්පඩ විජ්ජා වලට නොරැවටිය යුතු බවද ප්‍රකාශ කළේය.
අද ඒ අය රැස්වීම් පවත්වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල යැයිද මේ දූෂිත නඩයට නැගිටීමට ජනතාව නැවත වතාවක් ඉඩ නොදෙන බව ස්ථිර යැයිද අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොටු පෙර පෙරා යළි නැගිටින්න දඟලනවා
විපරමා Saturday, 29 October 2022 05:55 PM
රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා ආවේත් පාස්කු ප්‍රහාරයේ අලුමතින් නැගිටලා තමයි... රාජපක්ෂලා කියන්නේ බලලෝභියන්. බලය නැතුව පිස්සු වැටිලා කොර ගගහා හරි නැගිටින්න හදනවා. ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු හැටි ලෝකේම දැක්කා. මෙහෙමත් ලැජ්ජාවක් නැති දූෂිත පවුල් පාලනේ අය මේ වෙනකොටත් ඉතිහාස ගතවෙලා හමාරයි...
චන්දන Saturday, 29 October 2022 09:26 PM
තමුන්නැහැලත් එහෙම තමයි. ආයේ ආණ්ඩු හදන්න නම් හිතන්න එපා...!
de silva Sunday, 30 October 2022 12:56 AM
ඒකෙ රසේ ඔයා දන්නේ නැහැනේ? වැටි වැටී හරි නැගිටලා තව ඩොලර් කෝටි කීපයක් උගන්ඩාවේ තැන්පත් කරගන්න ඕනේ...!
Bamunuarachchi Sunday, 30 October 2022 07:08 AM
මතක් කරනවා ඔයාලට බඩ යන්න දීපුහැටි.