IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බස් යතුරු පැදි අනතුරින් සැරයන් මරුට

(තිලකරත්න දිසානායක)

පාර්ලිමේන්තුවට අයත් බස්රථයක ගැටුණු මල්වතුහිරිපිටිය පොලිස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු යටකර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සැරයන්වරයා සිය යතුරු පැදියෙන් ගම්පහ - කිරිදිවැල අංක 202 බස් මාර්ගයෙහි ගමන් ගනිමින් සිටියදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙහි පිරිසක් නිවෙස් වෙත ඇරලවා ආපසු කිරිදිවැල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයෙහි මල් කැලේ ප්‍රදේශයේදී යතුරු පැදිය ගැටී ඇති බවත් තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගෙන බස් රථයද අතහැර දමා රියදුරු පළාගොස් ඇති බවත් පොලීසිය පවසයි.

අනතුරුව ප්‍රදේශවාසීන් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා රදාවාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මල්වතුහිරිපිටිය, විළඹුල ප්‍රදේශයේ පදිංචිව සිටි  ආනන්ද පෙරේරා නමැති 56 හැවිරිදි දෙදරු පියෙකි.

 

 



අදහස් (0)

බස් යතුරු පැදි අනතුරින් සැරයන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site