
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ (-) අගයක් බවට පත්විය.
ශ්‍රී ලංකාව මේ දක්වා සුපිරි 12 දෙනාගේ වටයේ තරග 3 කට මුහුණ දී සිටින අතර ඒවායින් ජයගෙන ඇත්තේ තරගයක් පමණි. මෙම තරගාවලියේ සැකැස්ම අනුව තරග දෙකක් පරාජය වන කණ්ඩායමකට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇත්තේ අඩු අවස්ථාවකි. කෙසේ වෙතත් අනෙකුත් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග ප්‍රතිඵල මෙන්ම කාලගුණයේ බලපෑම මත කිසියම් තරගයක් වර්ෂාවට සේදී යාම අනුවත් ඉදිරියේදී ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් වනු ඇත.
ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසිලන්තය නම් හොඳට සෙල්ලම් කළා...
දේශපාලකයන්ගේ සාක්කු ඇරෙන්න... ලංකාවේ හැම දෙයක්ම දැන් සෘණ නේ...