IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අභිජනනයට ගෙනා එළුවන් මැරිල

(නිමන්ති රණසිංහ)

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අභිජනන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා තිබූ එළුවන් 100 දෙනකු අතුරින් විසි එක් දෙනකු 2021 වර්ෂයේදී මියයෑම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම එළුවන් ගෙන්වා තිබුණේ 2019 වර්ෂයේදීය. විනිමය අනුපාතයේ වෙනස්වීම මත රුපියල් 23 ලක්ෂයකට වැඩි මුදලක් එම එළුවන් ආනයනය වෙනුවෙන් අමතරව ගෙවීමට සිදුවී ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

මෙසේ හදිසියේම මියගොස් ඇතැයි පැවසෙන්නේ පිරිමි සතුන් පස්දෙනකු සහ ගැහැණු සතුන් දහසය දෙනකු බව ද වාර්තා වෙයි

අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට පෙර එළුවන් මිය යෑම හේතුවෙන් මේ සතුන් සඳහා එතෙක් දරන ලද ආනයනය හා නඩත්තු වියදම් පලදායී නොවන බව  විගණන කාර්යාලය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් කළ විමසුමකදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් වරද පිළිගෙන ඇත. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ජාතික විගණන කාර්යාලය ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

 



අදහස් (5)

අභිජනනයට ගෙනා එළුවන් මැරිල

මටන් Sunday, 30 October 2022 08:37 AM

සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරද පිළිගෙන ඇත. ඉන්පසුව ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශය පිළිපදින ලෙස ජාතික විගණකාධිපති කාර්යාලය මගින් ඔවුන් දැනුවත් කර ඇත. කෝටියක් කෙලෙව්ව එවුන්ට මේකද දැන් දඬුවම...? සමහර විට එළුවන් ගෙන්නන වැඩේ ගොඩාක් රහ ඇති. එළුවන් මැරෙන්න කල්යන නිසා මරලාම ඊළඟ ටෙන්ඩර් එක කෝල් කළාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.

:       1       2

Ruhunu Sunday, 30 October 2022 10:22 AM

ලංකාවේ ජීවත් වෙනවාට වැඩිය හොඳයි මැරෙන එක හොඳයි කියලා... මේක සියදිවි නසාගැනීමක් වෙන්න බැරිද?

:       1       5

Sunil Sunday, 30 October 2022 10:41 AM

මෙයට වසර කීපයකට පෙර ඉස්තරම් කිරිගවයින් ගේනවා වගේ. හැමතැනම වංචාව...

:       1       5

fairoos Sunday, 30 October 2022 02:02 PM

එළුවාටත් වැඩේ දීලා...

:       1       2

Nimal Sunday, 30 October 2022 03:27 PM

ඔහොම කෝටි 1, 2 වගේ කී තැනක නාස්ති කරලාද? හැබැයි පාඩුව පියවගන්න විදිහක් නෑ... වරද පිළිගත්තාම ඔක්කොම හරියනවාද? ලංකාවේ ඉන්නේ එළුවන්ට හරි ගේම දීලා තමන්ගේ මඩිය තරකරගන්න බලන අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site