
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී තීරණය විය.
ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම මත පොලිසිය මාර්ගයෙන් අදාළ භික්ෂූ නිකායන්හි මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී පැවසීය.
එසේම එම චෝදනා සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහාද ක්‍රමවේදයක් යෝජනා කරන බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපනය කිරීමට බලතල ලැබෙන නව පනතක් හදුන්වා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
එසේම අඩු වයසින් කුල දරුවන් සසුන් ගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා අනු කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය විය.
දුසිල්වත් කටයුතුවල සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාව පිළිබඳවත් කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.
මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන ඉඩම් නිදහස් කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ජනතාව කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ කටයුතු සදහා භුක්ති විඳි ඉඩම් (කැනීම් සහ මැනුම් අවසන් කර ඇති) හැර ඉතිරි කොටස් අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් ජනතාවට දෙන ලෙස අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
දෙදහස් දහසය වසරේදී පැවති කලායතන විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සදහා අවශ්‍ය රුපියල් .ලක්ෂ 32 ක ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විභාගය මේවනතෙක් නොපැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. ප්‍රතිපාදන නොමැතිකම නිසා විභාගය වසර 6ක් කල්යාම පිළිබදව සිය අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා මේ සදහා වහාම මැදිහත්ව විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
බෞද්ධ පූජනීය ස්ථානවලට සූර්ය විදුලිබල පද්ධති ලබා දීමේ වැඩපිළිවෙල පිළිබදවද මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා වත්කම් ඇති බෞද්ධ පූජනීය ස්ථානවලින් මේ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
භික්ෂුන් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලවල විනය පිරිහීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. සාමාන්‍යයෙන් බෞද්ධ විශ්ව විදළ්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන්සියයට 45ක් අවසන් වසරේදී උපැවිදි වීමේ තත්වයක් ඇති බව මෙහිදී තොරතුරු අනාවරණය විය. ඒ අනුව මෙම තත්වය පාලනය කිරීම සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය
මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉදිරියේදී සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, ගුණතිලක රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බෞද්ධයින්ව රවටලා සංඝයා වහන්සේලාගේ කරමතින් බලයට පැමිණෙන බැරි බව දැනගත්තාම නීතිදාන්න හදනවා. දැන් ඒකට පරක්කු වැඩියි...
විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා... රැස්වීම් උද්ඝෝෂණ, පෙළපාලි, නවකවද වලට සහභාගී වුවහොත් ශිෂ්‍ය භාවය අහෝසි කිරීම සහ සහ අපැවැදි කළ යුතුය.
කොසොල් රජතුමා (සත්ත ජටිල සුත්‍රය, සංයුක්ත නිකාය) හා දාරුකම්ම උපාසක (දාරුකම්ම සුත්‍රය) ඔය වගේම හාමුදුරුවන්ගේ දුස්සීල, සිල්වත් බව හා රහත් බව නොරහත් බව ගැන කියන්න ගියා බුදු රජාණන් වහන්සේට. බුදු රජාණන් වහන්සේ දේශනා කලා ගිහි කාමබෝගී (අපිරිසිදු දුගඳ පිලිකුල් මල මුත්‍ර පිරිසිදු ලෙස දකින) කාන්තාවන් හා නිදන, අඹු දරුවන්ගෙන් පීඩිත, මිල මුදල් පරිහරණය කරන ගිහි ඔබලාට එය විෂය නොවන බව. දෙව්දත් හාමුදුරුවෝ පවා අයිති මහා සංඝරත්නයට. බුදු රජාණන් වහන්සේ දෙව්දත් හාමුදුරුවෝ සසුනෙන් පැන්නුවේ නෑ.
" අධිකරණ සංඝ නායක " තනතුරු තියෙන්නේ පොල් ගාන්නද ?
සිවුර ගලවලා පස්සට පා පහරක් දීලා සාසනයෙන් එලවා දැම්මත් කමක් නැහැ.
හාමුදුරුවෝ හොඳ වාහනයක ගියොත් වැරැදියි. හාමුදුරුවෝ ආගමික කටයුතු කරගන්න ආරක්ෂිතව පහසුවෙන් යාම වැරැදියි. ගිහි අය තම කාමය, රාගය සන්තර්පනය සඳහා වාහන භාවිතය හොඳයි. එය මහා සේවයක්. හොඳ වැඩක්. හාමුදුරුවෝ බුදුදහම කියලා දෙන්න ධර්මය ප්‍රචාරය කරන්න මෙලොව පරලොව නිවන දක්වා කරන සේවය වැඩක් නෑ. බජිරි වැනි වල් පැළ ඇති වෙලේ ගොයම් ගස යනු වල් පැළයක්. අද සමාජය එතැන තියෙන්නේ....!
ඇත්තටම හොඳ තීරණයක්. ඇතැම් අය අපේ බුද්ධ ධර්ශනය විනාශ කරනවා...