(ලලිත් නවරත්න)

අයුතු ජනරාශියක් දේපළ හානි සිදුකිරීම චොදනා ලැබූ සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රි සජබ හලාවත ආසන සංවිධායක වරයාට වසරක බරපතල සිරදඬුවමක් දුන් හලාවත මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.ඒ.ඒ.බුද්ධදාස මහතා එය වසර පහකට අත්හිටුවන්නැයි නියෝග කළේය. 

දඬුවමට අමතරව රුපියල් එක්ලක්ෂ තුන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියම කළේය.

මෙසේ අත්හිටවූ සිරදඩුවම්  නියම වූයේ හලාවත සමගි ජනබල වේගයේ ආසන සංවිධායක සහ හිටපු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාටය.

2013 වර්ෂයේ අයුතු ජනරාශියක් ඇති කිරීම, පහරදීම, දේපළ හානි සිදුකිරීම යන චෝදනා තුනක් යටතේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.