(නිමල කොඩිතුවක්කු)

වත්මන් රජය ඩොලර් අවශ්‍ය බව පැවසුවත් ඩොලර් උපයන සංචාර කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඇගලුම් ආදී අපනයන ක්ෂේත්‍ර සදහා විශාල ලෙස බදු පනවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාවන් කිසිදු ආකාරයක විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පෞඩ ශිෂ්ඨාචාරයක්, පෞඩ සංස්කෘතියක්ව තිබූ රට වර්තමානයේ ලෝකයේ හිගා කන තත්ත්වයට පත් කරන ලද්දේ රාජපක්ෂවරු විසින් යැයිද වැල්ලවාය ආසනයේ කතරගම බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම පෙරටු කර ගෙන රටට සෞභාග්‍ය ගෙන ඒමට 2019 දී පංපෝරි ගසමින් රාජපක්ෂවරු පැමිණියත් අවසානයේ සව්භාග්‍යක් නැතිවෙන තරමට රට බංකොළොත් කළ බවත් විපක්ෂනායකවරයා කීවේය.