(විමුක්ති එස් රුද්‍රිගු)
"ආසියානු නිෂ්කාශන සංගමය" ගෙවීම් යාන්ත්‍රණයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් එම යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු නොකරන ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකුවලට දැනුම් දී තිබේ.
ඉකුත් 14 වෙනිදා සිට "ආසියානු නිෂ්කාශන සංගමය" ගෙවීම් යාන්ත්‍රණයෙන් තාවකාලිකව ඉවත් වී සිටීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කිරීම හේතුවෙන් බංග්ලාදේශ මහ බැංකුව බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින්, "ආසියානු නිෂ්කාශන සංගමය" යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ හා වෙළඳාමක් සම්බන්ධ ගනුදෙනු නොකරන ලෙස සියලුම බැංකුවලට දැනුම් දුන්නේය.
"ආසියානු නිෂ්කාශන සංගමය" ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ මූලිකත්වයෙන් 1974 දී පිහිටුවන ලදී.ආසියානු නිෂ්කාශන සංගමය යනු අන්තර් කලාපීය ගෙවීම් පියවීම සිදුකරන යාන්ත්‍රණයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ වේගයෙන්ම දියුණු වෙමින් පවතින රටක් ලෙස බංග්ලාදේශ මහබැංකුව ගත් තීරණය නිවැරදියි. මේ කම්බා හොරුන්ට අහු වුණොත් එහෙම බංග්ලාදේශයත් විනාශයි. ඒකටත් එක්ක ලංකාවේ බුද්ධිමත් මහබැංකු අධිපතිලා කඩා වැටෙන ග්‍රීසියේත් මුදල් ආයෝජනය කළා. ලෝක වෙළඳපළේ බොරතෙල් මිල වැඩි වුණාම, ලංකාවේ බුද්ධිමත් නිලධාරීන් අපිට හැමදාම ඒ වැඩි ගානටම දෙන්න කියලා ගිවිසුමක් ගහගන්නවා. අන්න ඒකයි අපේ මේ ලෝකෙන් උතුම් රටේ දියුණුවේ රහස? කාටද ආඩම්බර?
බයවෙන්න එපා. පුත්තලමෙන් ලංකාවෙම ජනාවාස හැදුනෙ කියල පුත්තලම් බූරුවෙක් ඊයෙ පෙරේදා කිව්වා. ඉතින් ලංකාවෙම ඉන්නෙ බූරුවො කියල හිටං හොඳට උන්ට හොරා කන්න ආපහු ඡන්දෙ දීල උන්වම නැවත ගේමු.