
(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටියදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පාදයක ශල්‍යකර්මයකට ඕස්ටේ්‍රලියාවේදී ලක්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
චමීර කාලයක සිට පාදයක වළලුකර ආබාධයකට ලක්ව එන්නත් ලබාගනිමින් සිටි බව කී මොහාන් සිල්වා මහතා ඒ ආකාරයට ක්‍රීඩා කරමින් සිටියදී මීට සතියකට පමණ පෙර පාදයක මස්පිඩුවල ආබාධයකට ලක්විමෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ බව ද සඳහන් කළේය.
ඔහුව ඕස්ටේ්‍රලියාවේ රදවා ගෙන ශල්‍යකර්මය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදුන් බව ද මොහාන් ද සිල්වා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා අවධියේ සිටම නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීම මත අස්ථි ශක්තිමත් නොවීම තමයි තමයි මෙවන් ආබාධවලට ලක්වීමට ප්‍රධාන හේතුව. ඉදිරි අනාගතයේදී, ලෝකයේ ප්‍රෞඩ ජාතිය මීටත් වඩා මන්ද පෝෂණ කාරයින් හා පාණ්ඩු රෝගීන් වෙන එක කාටවත් වළක්වා ගන්න බැහැ. ගැටළුවක් නැහැ, අපි ඉතින් බඩ ගැන නොසිතා, රට ගැන පමණක් සිතන දේශ ප්‍රේමියෝනේ...