
(මනෝප්රිය ගුණසේකර)
මත්ද්‍රව්‍යවලට අපි විරුද්ධ වුවත් සමහර දේශිය ඹෟෂධ විදේශගත කොට වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබා ගැනීමට හැකියාව ඇති නිසා ඉදිරි මාස දෙකක කාලය තුල දේශිය ඹෟෂධ අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව දේශිය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම වියදම දරණ දියවැඩියා සහ කොරොස්ට්රොල් පාලනයට කිරීමට යොදා ගනු ලබන ඹෟෂධ වෙනුවට දේශිය ඹෟෂධ වලින් නිශ්පාදනය කරන ලද ’ගාර්සියා’ ටොෆිය හඳුන්වාදීමේ අවස්ථවට එක් වෙමින් දේශිය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එසේ පැවසීය.
ලෝකයේ බහුලම රෝගය වන අංශභාග රෝගයට මෙකෙක් කිසිඳු ඹෟෂධයක් ලෝකයේ කිසිම රටකින් සොයා ගෙන නැතැත් දේශිය වෙදකමේ ඒ සදහා ප්‍රතිකාර ක්‍රම ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඉදිරි කාලයේදී එවැනි රෝහලක් ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට සාකච්ඡා කරන බවද පැවසීය.
දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ පැවැත්වු ’ගාර්සියා’ ටොෆිය හඳුන්වාදීමේ අවස්ථවට කොළඔ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්ගසමරසේකර, නවලෝක රෝහලේ නියෝජ්‍ය සභාපති අනීෂ ධර්මදාස, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර, නීතීඥ චමින්ද රූපසේන මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දේශිය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිි මහතා මෙසේද පැවසීය.
සෞඛ්‍ය සේවයේ වැඩිම වියදම දරන්නේ දියවැඩියා සහ කොරොස්ට්රොල් පාලනයට කිරීමට යොදා ගනු ලබන ඹෟෂධ මිලදී ගැනීමටයි. හදිසි මිලදී ගැනීම් සඳහා රුපියල් බිලියන 15ක පමණ වැය වෙනවා. ඒත් දේශිය වෛද්‍ය ක්‍රමයේ ඒ සඳහා ප්‍රතිකාර තියෙනවා. නවීන තාක්ෂණ හරහා ජනතාවට ලංවීමට හැකියාව ඇත්නම් විදේශයට යන විශාල මුදලක් නවතා ගැනීමට හැකියාව තියෙනවා.
වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය ’ගාර්සියා’ ටොෆියේ ඇති ගුණාත්මක භාවය පිළිබඳව පිරිස දැනුවත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd