
ගතවුණු පැය 48 ඇතුළත රුසියානු හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර 30 කට වැඩි ගණනක් එල්ල කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඊයේ (27) පැවැසීය.
ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම චෝදනා නගන්නේ රුසියාව, ඉරානයේ නිෂ්පාදිත ‘ෂෙහාද්’ වර්ගයේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙන බවය. මේ බව රුසියාවත්, ඉරානයත් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ඊයේ (27) සෙලෙන්ස්කී මාධය හමුවේ පෙනී සිටියේ, යුක්රේන හමුදා සොල්දාදුවන්, කීව් අගනුවර දී වෙඩි තබා බිම දැමූ ඉරානයේ නිෂ්පාදිත ‘ෂෙහාද්’ ඩ්‍රෝන යානයක් අසල සිටගෙනය.
මේ වනවිට රුසියන් හමුදා යුක්රේනයට මිසයිල ප්‍රහාර 4,500 ක්ද ගුවන් ප්‍රහාර 8,000 ක් එල්ල කර ඇතැයි සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා තිබේ. රුසියාව පහර දෙන්නේ කීව් ඇතුළු ප්‍රධාන නගරවල විදුලිය සහ ජල සැපයුම් පද්ධති ඉලක්ක කර ගනිමිනි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් ඕක වැටෙන්න තිබුණේ ඔහෙගේ ඔලුවට... යටිකූට්ටු වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා.