
(දමින්ද විජේසූරිය)
මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පැවැති වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයත් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.
පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණද, එය ප්‍රමාද කිරීමට ක්‍රිස් බ්‍රවුන් සහ ජොයෙල් විල්සන් විනිසුරුවරු දෙදෙනාත්, තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාත් තීරණය කළහ.
අවසන් වතාවට රාත්‍රී 8.45 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු තරගය අතහැර දැමීමට තීරණය කළහ.
දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් බෙදී ගියේය.
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd