
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන භයානකම දශකය මෙය යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. රුසියන් ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් අගනුවර පැවැති දේශපනයනක් අතරතුරේය.
ඇමෙරිකාව සහ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් ඔවුන්ගේ ආධිපත්‍ය ගොඩනගා ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් ලෝකය අනතුරුදායක තත්ත්වයකට ඇද වැටී ඇති බව රුසියන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.
ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් භූ දේශපාලනික අර්බුද රැසක් නිර්මාණය කිරීමට සමත් වී සිටින බවත්, එය ලෝක සාමයට බාධාවක් වී ඇති බවත් රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී තිබේ.
ලෝකයේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට තනිවම කළ නොහැකි බවත්, අවසානයේ ඔවුන්ට රුසියාව සමඟ ඒ ගැන සාකච්ඡා කිරීමට මෙන්ම රුසියාවේ සහාය ලබා ගැනීමට ද සිදුවනු ඇති බවත් පුටින් අවධාරණය කළේය.
රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, රුසියාවේ අසල්වැසියකු වන යුක්රේනය, ‘නෝටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කිරීමත්, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් යුක්රේනයට සහාය දැක්වීමත් නිසාය.
දේශනය අනතුරේ රුසියාව යුක්රේනයට එරෙහිවගත් හමුදා ක්‍රියා මාර්ගය සාධාරණීකරණය කිරීමට ද ජනාධිපති පුටින් කටයුතු කළේය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කතාවේ නම් ඇත්තක් නැත්තෙත් නැහැ...!
අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඇමෙරිකාවෙත් තියෙන්නේ...
අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද අයින් කරන්න ඉස්සර වෙලා, තමන්ගේ ඇහේ තියෙන පරාලය අයින්කළොත් හොඳයි නේද පුටින්...?
පුදුමේ කියන්නේ, ලෝක සාමයට තර්ජනයක් වුණු පුද්ගලයාම මෙතන බණ කියනවා. NATO (North Atlantic Treaty Organization) කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිකරගත් සංවිධානයක්. එහි ප්‍රධාන මුලස්ථානය තිබෙන්නේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ. ඇමරිකාව ඇතුළු නැගෙනහිර හා බටහිර යුරෝපීය රටවල් 30ක් මේ සංවිධානයේ සාමාජිකයින්. 90 දශකයේ රුසියාව පවා නේටෝව සමග සහයෝගයෙන් කටයුතු කොට තිබෙනවා. නමුත් ඒකාධිපති නරුම පාලකයෙක් වූ පුටින් ඇමරිකන් බිල්ලාට බියවෙමින්, අසල්වැසි යුක්රේනය යුරෝපා සංගමයට හා නේටෝ සංවිධානයේ සාමාජිකයෙක් වෙනවාට ඇති නොකැමැත්ත මත තමයි මේ යුද්ධය ආරම්භ කලේ. පුටින්ගේ න්‍යායට අනුව නම්, ඉතින් අපිත් ඉන්දියාවේ පදයට නැටිය යුතු වෙනවා.
Putin created the entire calamity by attaching Ukraine, and he is accusing USA for nothing, Putin is a megalomaniac who wants to bring USSR back to reality, That communisms killed over 75 million people from the time of former megalomaniac, Stalin. in Russia.