(ඩයනා උදයංගනී)

චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2  වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක් වටිනා ඖෂධ තොගයක් ඊයේ (27) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාරදීම ශ්‍රී ලංකාවේ චීන තානාපති  කියු ෂෙන්හොං මහතා අතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ සිදුකෙරිණි.

වකුගඩු , ජලභීතිකා , පෙනහළු ආසාදන ,පිළිකා ආදී රෝග සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙම ඖෂධ අතර වේ. 

චීන මානුෂීය ආධාර දෙවන කොටසේ මේ වන විට  රුපියල් බිලියන 3ක ඖෂධ තොගයක් මෙරටට ලැබී ඇති අතර තවත් ඖෂධ තොගයක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.