(විමුක්ති එස් රුද්‍රිගු)
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යටතේ ආර්ථික අර්බුදය නිසා බිඳවැටුණු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා ණය, කණ්ඩ තුනක් යටතේ ලබා දෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය ආයෝජන ණය, කුඩා තේ වතු හිමියන් සඳහා ආයෝජන ණය, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධන ණය එම කණ්ඩ තුන වේ.
වර්තමාන තත්ත්වය හේතුවෙන් නව ණය මුදලක් ලබා ගැනීමට පවතින තාක්ෂණික බාධාවන් සැලකිල්ලට ගනිමින් නව ණය මුදලක් ලබා දෙන තෙක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ දැනට භාවිතයට නොගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදල ව්‍යවසායකයින්ට ණය ලබාදීම සඳහා යොදා ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව මත මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව ,සම්පත් බැංකුව යන මූල්‍ය ආයතන වලින් මෙම ණය පහසුකම සපයන බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ලබා ගත හැකි උපරිම ණය මුදල රුපියල් මිලියන 10 ක් වන අතර ඒ සඳහා උපරිම මාස 6 ක ණය සහන කාලයක් හිමිවන අතර උපරිම වසර තුනකින් ගෙවිය හැක.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආසියානු සංවර්ධන බැංකුවෙන් සුභ ආරංචියක්