(නාමල් පතිරගේ)

රට තුළ උද්ගතව පවතින අධික උද්ධමනය හා ආර්ථික අවපාතය හමුවේ පදක්කම් සඳහා රුපියල් මිලියන 5.5 ක අධික වියදමක් දැරීමට සිදුවන බැවින් දැන් ආරම්භ වී තිබෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ  ජයග්‍රාහකයන් සඳහා පදක්කම් ප්‍රදානය කිරීම මෙම වසරට අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම වූයේ අනුරාධපුරයේදී පවත්වා අවසන් කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා පාපැදි තරගාවලියේ ඉසව් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා මෙතෙක් ප්‍රදානය කළ රන්, රිදී හා ලෝකඩ පදක්කම් එසේ ප්‍රදානය නොවීමයි.

සම්පූර්ණ විස්තරය සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න