IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආර්ථික අවපාතය නිසා ජයග්‍රාහකයන්ට පදක්කම් නෑ

(නාමල් පතිරගේ)

රට තුළ උද්ගතව පවතින අධික උද්ධමනය හා ආර්ථික අවපාතය හමුවේ පදක්කම් සඳහා රුපියල් මිලියන 5.5 ක අධික වියදමක් දැරීමට සිදුවන බැවින් දැන් ආරම්භ වී තිබෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ  ජයග්‍රාහකයන් සඳහා පදක්කම් ප්‍රදානය කිරීම මෙම වසරට අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම වූයේ අනුරාධපුරයේදී පවත්වා අවසන් කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා පාපැදි තරගාවලියේ ඉසව් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා මෙතෙක් ප්‍රදානය කළ රන්, රිදී හා ලෝකඩ පදක්කම් එසේ ප්‍රදානය නොවීමයි.

සම්පූර්ණ විස්තරය සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න



අදහස් (9)

ආර්ථික අවපාතය නිසා ජයග්‍රාහකයන්ට පදක්කම් නෑ

'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...! Wednesday, 26 October 2022 05:59 PM

අනේ අනේ... ඇයි මේ පාර්ලිමේන්තුව මේ තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නේ..? එළියේ උද්ඝෝෂණ ඇතුලේ රණ්ඩු කරගන්නවා.. මේවා කරගන්නද ජනතා මුදල් කාබාසිනියා කරන්නේ රජ සැප අරගෙන...? රටටම පේන්න මුදල් කාබාසිනියා කරන රජයේ එකම ආයතනය මොකක්ද දන්නවද ළමයිනේ...? ඒ තමා දියවන්නා "වන්නම" එක් දිනකට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 25 කි. [ලක්‍ෂ 250 කි] හැබැයි පදක්කම් සඳහා රුපියල් මිලියන 5.5 ක අධික වියදමක් දැරීමට සිදුවන බව රටට මවාපානවා.

:       0       16

බද්රානි Wednesday, 26 October 2022 06:51 PM

එක අතකට දරුවනේ නුඹලාට මොන ක්‍රීඩාද? හරිහමන් පෝෂ්‍යදායි ආහාර වේලක් නැතිව කොහොමද ක්‍රීඩාවේ යෙදෙන්නේ? සමහරවිට ඔබලාගේ තත්වයේම තවත් මන්දපෝෂණ කාරයින් සමග තරගකරලා රට ඇතුළේ දිනුවාට, අනාගතයේදී ලෝකෙට ගියාම කොහොමත් ඉතින් පරාජිතයින් තමයි. පහුගිය කාලේ අඩුතරමේ යම් තරමක පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදෙන්න දෙමව්පියන්ට හැකියාව තිබුණා. ඒ නිසා තමයි නිරෝගි, තරුණ පරපුරක් බිහිවෙමින් තිබුණේ. ඒක නුඹලාගේ දෙමව්පියන් විසින්ම "කන්න නැතත් ඉන්න රටක් ඉල්ලලා" මේ ව්‍යවසනය ඔවුන් විසින්ම ඇතිකර ගනු ලැබුවා. දැන් ඉතින් සල්ලි කාරයින්ගේ පුත්තු රැල රග්බි ගහනවා නරඹලා සතුටු වෙයල්ලා ලොකුවැඩ නොකර...! 

:       0       15

ආඩම්බරයWednesday, 26 October 2022 07:27 PM

බද්රානි... ඔබ වැනි සාරධර්ම අදහස් ලියන්නෙක් ගැන ලංකාදීපයටම මහත් ආඩම්බරයක් යයි කියන්නේ රටවල් 17 ක සිටින ඔබේ පලවන අදහස් නිතරම කියවන අපියි..!

:       0       2

බද්රානිThursday, 27 October 2022 02:31 AM

මුරුංග අත්තේ උඩ තියාගෙන, ලංකාදීප පත්තර කොලේ මත උනත් "නයි නටවන්න" ලොක්ක හපනෙක් වගෙයි. ආඩම්බරයි කොල්ලෝ!! ඔහොම ජහ්!!!

:       0       1

susantha Wednesday, 26 October 2022 07:12 PM

ඉස්කෝල ළමයින්ට පදක්කම් දෙන්න සල්ලි නෑ. හැබැයි සක්කිලි දේශපාලකයින්ගේ පරම්පරා පිටින් නඩත්තු කරන්නම්.. බිලියන ගණන් තියෙනවා. අධ්‍යාපන ලොක්කෝ ඔයිට වඩා හොඳයි අසුචි කෑවානම්...!

:       0       10

විපරමා Wednesday, 26 October 2022 07:16 PM

රටම හොරාකාලා, විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය, දියවන්නාවේ අය නඩත්තු කරන එකට නම් මොන ප්‍රශ්නයක්වත් නැතුවයි.

:       0       10

fairoos Wednesday, 26 October 2022 08:18 PM

රටම බංකොළොත් කරපු නන්දසේන නඩත්තු කරන්න සල්ලි තියනවා නේද? එහෙනම් කමක් නෑ.

:       3       8

SL Wednesday, 26 October 2022 08:33 PM

ඒ උනාට පාර්ලිමේන්තු එන කාලකන්නි බහිරවයින ට , දෙන ඩීසල් පෙට්රෝල් කොටා එක, ටෙලිපොන් කෝටා එක වැඩි කරලා. රුපියල් 2500 ක් විතර වටිනා කෑම එක 350 ට දෙනවා. මේ ලඟකදී බන්දුල ගුනවර්දන ඇතුළු කිහිප දෙනෙක් මුද්දරයක් නිකුත් කරන්න ලොකු උත්සවයක් තිබ්බ. අර නැගිට්ටවන්න දෙතුන්දෙනෙක් ඕනේ එක්කෙනා නැගිට්ටවන්න කියල දිනකට මිලිනය ගානක් රජයේ වියදම් කරමින් රට වටේ යනවා. කාලකන්නි ..225ටම හෙන ගහන්න ඕනේ

:       0       7

සමන්ත Thursday, 27 October 2022 04:57 AM

ඔය ඇමතියගේ වාහන සෙට් එකට ගහන ඩීසල් තොගේ නැවත්තල දාලා ලමයින්ට පදක්කම දීපල්ල කාලාකණ්ණි හැතිකරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site