සියයට 50කට ඩී විටමින් නෑ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් විටිමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව සොයගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන මහත්මිය පැවැසුවාය. 08 September 2022
බදු නොගෙවන ලොකු සමාගමක් අලූත්ගමගේ හෙළිකරයි කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නො ගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 08 September 2022
දමිතා නිදහස් කරන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 08 September 2022
කෙසෙල්වත්තේ ගැටුමින් අයෙක් මරුට:කතකට තුවාල කොළඹ කෙසෙල්වත්තේ දී ඊයේ (7) රාත්‍රියේ පිරිසක් තියුණු ආයුධවලින් පහර දීම නිසා පුද්ගලයකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 08 September 2022
කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ වියලි කහ කිලෝ 1352 ක් හොඳ සැකකරුවෙකු කිළිනොච්චි වෙරවිල් ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 08 September 2022
රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 08 September 2022
ප්‍රදේශ රැසකට විටින් විට වැසි ඇති වේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (8) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 September 2022
පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ වියරු වැටෙති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) රාත්‍රී පැවැති තරගයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බව වාර්තා වේ. 08 September 2022
රංගන ශිල්පිනී දමිතා අත්අඩංගුවට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය කියයි. 07 September 2022
දඹුල්ල වී ගබඩාවේ වි මිටි 200ක් උස්සලා දඹුල්ල කණ්ඩලමේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාව කඩා වී මිට දෙසීයකට අධික ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇතැයි වී අලවි මණ්ඩලය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 07 September 2022
කුඩ්ඩන් සමග මුදල් ගැරූ ලාන්ස් කෝප්රල් මාට්ටු මියගිය හමුදා සෙබළුන්ගේ දරුවන්ට පොත් හා පාසල් උපකරණ ලබා දීමට යැයි පවසා හමුදා නිල ඇඳුමින් සැරසී තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ ආධාර මුදල් එකතු කරමින් සිටි ලාන්ස් කෝප්රල්වරයකු දෙහිවල මල්වත්ත පාරේ දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 07 September 2022
අරගලකරුවෝ යළි පාරට ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව සහ ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය හා ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹ දී අද (7) සත්‍යග්‍රහයක නිරත වූහ. 07 September 2022
කිරිඉබ්බන් මරා මස් කළ දෙකක් අල්ලයි දර්ගා නගරයේ නිවසක කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක කළ බව කියන සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද ඉබිබන් හත්දෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 07 September 2022
මන්දපෝෂණය ගැන උත්තර දෙන්න ඇමැති නෑ රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ අද පස්වරුවේ රැඳී නොසිටීම විශේෂ සිද්ධියක් විය. 07 September 2022
රාජ්‍ය ඇමතිවරු 36ක් හෙට දිවුරුම් දෙති රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දෙති. 07 September 2022
යලේ වී ගන්න රාජ්‍ය බැංකුවලින් ණය දී නැහැ යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් මෙතෙක් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) අනාවරණය කළේය. 07 September 2022
රනිල් ජයවර්ධනට යළි බ්‍රිතාන්‍යයේ අමාත්‍ය ධූරයක් ශ්‍රී ලංකා සම්භවයක් සහිත කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු බව බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 September 2022
ජාතික සභාවට අවසර රටේ ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරිණ. 07 September 2022
ඕමල්පේ හිමිගෙන් ගල් අඟුරු ඩෙන්ඩරයට එරෙහි පෙත්සමක් ලක්විජය තාප බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 44.5ක් ලබාදීමට විදේශීය සමාගමට ලබාදී ඇති ටෙන්ඩරය සහිත ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 07 September 2022
ලිංගික අල්ලස් ඉල්ලූ යාපනයේ සංවිධායකයෙක් ඇතුළු දෙකක් රිමාන්ඩ් කාන්තාවකට රජයේ රැකියාවක් ලබා දෙන බව පවසා ලිංගික අල්ලසක් සහ රුපියල් 50,000 ක මුදලක් ඉල්ලූවැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය. 07 September 2022
‘‘ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ණය බර දරා ගන්න බෑ‘‘ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය තිරසර නොවන බවත් එම රටවල් වලට ණය බර දරා ගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් තිබෙන බවත් නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය. 07 September 2022
පාර්ලිමේන්තුව පෞද්ගලික වරදාන වලට පාවිච්චි කළොත් ජනතාව රතු එළි දල්වාවි පෞද්ගලික වරදාන වරප්‍රසාද ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව පාවිච්චි කළොත් ජනතා විශ්වාසය තවදුරටත් බිඳ වැටෙනු ඇතැයි ද එසේ වුවහොත් ජනතාව රතු එළියක් දල්වනු ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 September 2022
’’වී මිලදී ගන්න සල්ලි ලැබිලා නෑ’’ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 September 2022
තොන්ඩුවට අසුවන සතුන් බේරගන්න වනජීවීයෙන් ’’දැලක්’’ කඳුකර කොටි හා වෙනත් සතුන් මදුවලට හසු වු අවස්ථාවල දී මුදාගැනීම සඳහා විශේෂ දැලක් අත්හදා බැලූ බවත් එම අත්හදා බැලීමෙි කටයුතු සාර්ථක බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 07 September 2022
සඟවා තිබූ පාසල් බස් රථ 80 ක් කඩිනමින් ධාවනයට රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බස් රථ 80 ක් වසර 7 කට පෙර ආනයනය කළ ද ඒවා මිලදීගැනීමට අනුමැතිය නොලැබීමෙන් වසර හතක් තිස්සේ ධාවනයට යොදවා නොමැති බවත් ඒවා හැකි ඉක්මනින් ධාවනයට යෙදවීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 September 2022
මෙරට ආර්ථිකය කඩාවැටීමට හේතුව මිෂෙල් බැචලේ කියයි මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට දඩුවම්දීමේ ක්‍රමයක් නොමැති වීම ,ආර්ථිකයට සිදුකළ අපරාධ සහ වංචා දුෂණය ශ්‍රී ලංකාව කඩා වැටීමට මුල් වූ කරුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය. 07 September 2022
වංචනික කිව්.ආර්. කේතයන්ට වැට බඳියි එළඹෙන සතියේ සිට ඉන්ධන ලබාගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබාගත් පිරවුම්හලේ අංකය ද ඇතුලත් කරන බවත් කිව්.ආර්. කේතය වංචනිකව භාවිතා කිරීම වැලැක්වීමට එමගින් හැකිවන බවත් විදුලිබල හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 07 September 2022
ඝාතන කොන්ත්‍රාත්කරුවෙක් වසර නවයකට පසු මාට්ටු දෛනිකව පොලියට මුදල් ලබාදීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන පුද්ගලයකු වසර නවයකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 07 September 2022
විවෘත කළ සැණින් කොංගෝ පාලම කඩා වැටේ අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ පාලමක් බලධාරීන් විසින් විවෘත කරනු ලැබූ සැණින් කඩා වැටුණු බව පැවැසෙයි. 07 September 2022
වසර හයකට සෞදියෙන් ණයට තෙල් වසරකට ඇමෙරිකා ඩොලර් බිලයන 6ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ. 07 September 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026