ආර්ථික සභාවට උපදේශක කමිටුවක් ජාතික ආර්ථික සභාවට සහයවීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් ආර්ථික උපදේශක කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 15 March 2022
රුසියාවෙන් ඉන්දියාවට විශේෂ වට්ටමක් යුක්රේන රුසියන් අර්බුදය හමුවේ, රුසියාව අධික වට්ටමක් ලබා දෙමින් බොරතෙල් සහ අනිකුත් භාණ්ඩ ඉන්දියාවට විකිණීමට සුදානම්ව සිටී. 15 March 2022
ආණ්ඩුවෙි යාන්ත්‍රණය ’’ලොක්’’ වෙලා වර්තමානයේ උද්ගතව තිබෙන තත්වයට දේශපාලනඥයන්ගෙන් පිළිතුරු ලැබෙනවා ද නැද්ද යන කාරණය පිළිබඳව ජනතාව කල්පනා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 March 2022
පුටින් සමඟ ෆේස් ටු ෆේස් සටනක් යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. 15 March 2022
දෙමළ සන්ධානය-ජනාධිපති අතර සාකච්ඡාව කල් යයි දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (15) පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේම අවලංගු කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 15 March 2022
රෝමේනියාවට ඩ්‍රෝන යානයක් වැටේ රෝමනියාවේ ගම්බද ප්‍රදේශයකට ඊයේ (14) ඩ්‍රෝන යානාවක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 15 March 2022
රුසියාවට එරෙහි තීන්දුව හෙට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් යුක්රේනයේ ජන සංහාර චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව හෙට (16) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. 15 March 2022
රුපියල තවත් බාල්දු වෙයි මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත. 15 March 2022
ආයෝජන ප්‍රවර්ධන කළාපවලට විදුලිය කපන්නේ නෑ ආයෝජන ප්‍රවර්ධන කළාපවලට අද (15) සිට විදුලිය කප්පාදුව අත්හිටුවන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. 15 March 2022
පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ්ට කොළඹින් නිවසක් ජපානයේ ටෝකියෝහි දී පැවති 2020 පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගත් හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත මහතාට නිවසක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 15 March 2022
යල ට පරිසර හිතකාමී පොහොර දෙන්න අනුමැතිය යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තු ලංසුකරුවන් 46ක් වෙත ප්රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 March 2022
මන්නාරමේ නිවසක කෝටි 2 ක අයිස් මන්නාරම පේසාලෙයි ජූඩ් වීදිය ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂමව සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය පවසයි. 15 March 2022
වෑන් රථය ප්‍රපාතයට වැටී දෙකක් මරුට දෙල්තොට පට්ටියගමවත්ත උඩ කොටසේදී කිලෝමීටරයකට වඩා ප්‍රපාතයකට කැබ් රථයක් පෙරලීමෙන් එහි රියදුරු හා එහි ගමන් ගත් තවත් අයකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි ගලහ පොලිසිය කියයි. 15 March 2022
ආයුධ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කොහුවලදී මාට්ටු තියුණු ආයුධ තොගයක්, ටි 56 ගිනි අවියක අනුරුවක් සහ මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොහුවල කළුබෝවිල නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි 15 March 2022
මත්තල ගුවන්තොටුපොල ආසන්නයේ තරු 4 හෝටල් 2 ක් හදන්න අවසර මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල ආසන්නයේ තරු 4 කාණ්ඩයේ හෝටල් දෙකක් ඉදිකිරීම සඳහා ගුවන්තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලට දකුණු පසින් පිහිටි හෙක්ටයාර 15 බැගින් වූ බිම් කොටස් දෙකක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 March 2022
ඩීසල්-බොරතෙල් ගේන කොන්ත්‍රාත්තුව අරාබියේ සමාගමකට මාස අටක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් සහ මාස හතක කාලයකට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 March 2022
දුම්රිය ගාස්තුත් වැඩි කරන්න අනුමැතිය දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ද ඊයේ (14) කැබිනට් මණ්ඩල පූර්ව අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව ඉදිරියේදී දුම්රිය ගාස්තු ද සුළු වශයෙන් හෝ සංශෝධනය කරන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 15 March 2022
බොරතෙල් මිල පහළට සති දෙකකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (14) සියයට 8කින් පහත වැටිණි. 15 March 2022
අතුරුදන් වූවන්ගේ පවුල්වලට දීමනාවක් අතුරුදන් වූවන්ගේ පවුල්වල පුනර්ජීවනය සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 March 2022
මුහුදට යන කුණු ගැන කෝප් කමිටුවේ නොසතුට කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර හා වැල්ලවත්ත ස්ථානවලින් සාගරයට විශාල වශයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අවධානය යොමුවී ඇත. 15 March 2022
අමාත්‍යාංශ දෙකක විෂය පථ සංශෝධනයක් අමාත්‍යාංශ දෙකක විෂය පථය සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 15 March 2022
අද කාලගුණය බස්නාහිර සහ දකුණු පළාත්වලත්, කාළුතර දිස්ත්‍රික්කයේත් අද (15) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 March 2022
රෝහල් සුළු සේවා පාලක පත්වීම් 108 ක් රෝහල් 55 ක වසර කීපයක සිට පුරප්පාඩුව පැවැති සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් ඕවසියර් තුන්වැනි ශ්‍රේණියේ පත්වීම් ලෙස ප්රදානය කළේය. 15 March 2022
ආර්ථික සභාවට උපදෙස් දෙන්න විශේෂඥ කමිටුවක ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත . 15 March 2022
‘‘රට ගොඩගන්න අයි.එම්.එෆ් සහාය ගන්න‘‘ රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ඇමතිවරුන් ඊයේ(14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී යළිත් වරක් ඉල්ලීමක් කර ඇත . 15 March 2022
බුස්ස බන්ධනාගාරයේ එස්.ටී.එෆ් 100ක් මාරු කරයි මත්පැන් බෝතල් දෙකක් බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රාජකාරියේ නිරත විශේෂ කාර්ය බළකායේ 100 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 15 March 2022
ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් ! රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය. 15 March 2022
ළමා නිවාසේ පාලිකාව පිරිමි දරුවාගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා දිවුලපිටිය , කඩවල ප්‍ර දේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09 ක් වූ පිරිමි දරුවකු ගේ රහස් ප්‍ර දේශයට ළමා නිවාසයේ පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි ඒ සමරදිවාකර මහතා හමුවේ කරුණු ඉදිරිපත් කළේය. 14 March 2022
මියගිය මවට පෙට්ටියක් ගන්න දියණිය සම්මාදමේ ගිහින් මව මියගිය පසු ඇය භූමදානය කිරීමට පෙට්ටියක් ගැනීම මුදල් සොයා ගිය දියණියක සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල දේවාලේලම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 14 March 2022
රට රටවල කොරෝනා ව්‍යාප්තිය ගෝලිය සහ තෝරාගත් රටවල් කීපයක වත්මන් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යනයක් කළ කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වගුවක් මගින් පෙන්වා දී ඇත. 14 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026