(යොහාන් භාසුර)
පෙට්‍රල්වල ඔක්ටේන් අගය වැඩි කිරීමට සහ ඉන්ධනවල ගෙන්දම් ප්‍රමාණය අඩු කිරීමට පෙති වර්ගයක් ඉන්ධන සමඟ කලවම් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතිය දී නොමැති බවත් එක්තරා සමාගමක් ‘ඉකෝ ටැබ්ලට්’ නැමැති ඉන්ධනවලට යොදෙන පෙත්තක් ප්‍රවර්ධනය කරමින් ජනතාව නොමඟ යැවීමේ කූට ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දේශීය වෙළෙඳපොලේ ඇති ඩීසල් සහ පෙට්‍රල් සම්මත ක්‍රමවේදයකට අනුව පිළිගත් රසායනාගාර පරීක්‍ෂණයකින් තොරව ඒවායේ ඔක්ටේන් අගය අඩු යැයි එම සමාගම කරන ප්‍රචාරයන් පිළිබඳව නීතිමය කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දන්වා ඇති බවත් එම කූට ප්‍රචාරයන්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෝ ටැබ්ලට් මම අවුරුදු 2 ක් තිස්සේ පාවිච්චි කරන කෙනෙක්. ඉතාම හොඳ නිෂ්පාදනයක්. සුපර් ඩීසල් හෝ පෙට්‍රල් යූස් කරන්න ඕනම කෙනෙකුට සාමාන්‍ය ඉන්ධන භාවිත කර ටැබ්ලට් යූස් කරන්න පුළුවන්.
මේවා යූස් කරන්නේ නැතුව මේ දවස්වල සිපෙට්කෝ එකෙන් ගේන තෙල් ගහලා දිව්වොත් අපේ වාහන ඉවරයි.
මෙච්චර කාලයක් එකෝ ටැබ්ලට් ප්‍රොමෝට් කලා ඇඩ් දාලා. එතකොට බීරො වගේ හිටිය ඛනිජතෙලාට එකපාරටම පෙත්ත වැරදුනේ කුට්ටියෙ ප්‍රමාණයක් වත් වුනාද? මුන්ගේ තෙල් බාලයි කිව්වම තමයි නින්දෙන් නැගිට්ටේ...
පාරිභෝගික අධිකාරිය කරුණාකර පැට්‍රෝල් වල ඔක්ටේන් ප්‍රමාණය පරීක්ෂා කරලා බලන්න.
මෙච්චර ප්‍රසිද්දියේ මේවා ප්‍රචාරය කරලා විකුනනකොට මේ අය කොහේද හිටියේ. දැන් නින්දෙන් නැගිටලා වගේ. අය්යෝ අපේ රටට වෙච්ච දෙයක්.
මේ ටැබ්ලට් කතාව සම්පූර්ණ බොරුවක් . ඉන්ධන වල ඔක්ටේන් අංකය ඒ ඉන්ධනවල තිබෙන කාබන් සහ හයිඩ්‍රජන් ප්‍රතිශතය අනුව තීරණය වන්නක් . ඒක වෙනස් කරන්න පුළුවන් නැවත පිරිපහදුවෙන් විතරයි . උසස් පෙල රසායන විද්‍යාව හදාරපු ඕනම අයෙක් මේව දන්නවා . එන්ජිමේ knocking එක වලකාලීමට ඉන්ධන වලට ඊඊයම් අඩංගු සංයෝග එකල එකතු කලා. ඊයම් නිසා දැන් එකතු කරන්නේ නැහැ . මේ බොරු වලට අහුවෙන්න එපා අනවශ්‍ය දේවල් ඉන්ධන වලට එකතු කරල පසු කාලිනව එන්ජිමේ දෝෂ මතුවෙනවා . එ වගේම 90ට වඩා ඔක්ටේන් අංක ඇති ඉන්ධන නවීන වාහනවල භාවිතා කිරීම හොඳ ත් නැහැ . ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව වහා පියවර ගත යුතුය .