
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි උත්සව සමයේදී බිත්තර හිගයක් ඇති විය හැකි බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
බිත්තර සඳහා පාලන මිලක් පැනවීම හා සත්ව ආහාර හිගය මෙම තත්ත්වයට හේතුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
බිත්තර නිෂ්පාදකයින් සියයට 50 ක් පමණ මේ වන විට බිත්තර නිෂ්පාදනෙයන් ඉවත්ව ඇති බවත් සභාපතිවරයා පැවසීය.
බිත්තර මිල පසුගිය දිනවල විශාල වශයෙන් ඉහල ගිය අතර එය පාලනය සඳහා රජය විසින් පාලන මිලක්ද නියම කරනු ලැබීය.
බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමෙන් සිදුවන පාඩුව හේතුවෙන් බිත්තර නිශ්පාදකයින් සතුන් මස් සඳහා අළෙවි කරමින් සිටින බවත් රත්නායක මහතා ප්‍රකාශ කලේය.
මේ අතර කුකුලු මස් මිල මේ වනවිට අඩු වී ඇති අතර කිලෝවක් රුපියල් 1000 ත් 1100 ත් අතර මිළකට අලෙවි වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd