(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආනයන හා අපනයන පාලකවරයා සතු ඒ සඳහා වන බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබාදෙන්නේ නම් තිරිඟු පිටිවල ප්‍රමිතිය පරීක්‍ෂා කළ හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

තිරිඟු පිටිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කළේය.