(වසන්ත චන්ද්‍රපාල)
දීඝවාපි පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය ඉදිකිරීම සදහා ගඩොල් කැපීමට ගෙනා පස් ගොඩක තීබී අඩියක් පමන උස බුද්ධ ප්‍රතිමාවක් හමුවන බව දීඝවාපී පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍යපාද මහඔය සෝභිත හිමියන් පැවසීය.
දැනට දීඝවාපි චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන අතර ඒ සදහා අවශ්‍ය ගඩොල් කැපීම දීඝවාපි පුරාවිද්‍යා ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති සිවිල් ආරක්ෂක වැඩ පලේදී සිදුකරයි.එම ගඩොල් කැපීම සඳහා පස් දීඝවාපිය පුජාභුමිය ප්‍රදේශයෙන් ප්‍රවාහනය කරන අතර එම පස්වල තිබී මෙම බුදුපිළිමය හමුව තිබේ.
පසුව මෙම බුදු පිලිමය අම්පාර පුරාවිද්‍යා කාර්යාලයට ගෙනවිත් ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර ඇති අතර මෙම බුදුපිළිමයේ කාලවකවානු දැනට පැවසීමට නොහැකි බව නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක එම්.ජී.රත්නපාල මහතා පැවසීය.දැනට පස් කපන ස්ථානයේ පස් කැපීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් බවද සදහන් කලේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුකාලීනව මෙරටට පෘතුගීසි කාරයෝ ක්‍රිස්තියානි ආගමත් හමබ්යෝ ඉස්ලාම් අගමත් පැලපදියන් කර මත්පැන් බීමත් හරක්මස් කෑමත් පුරුදුකලාට ලංකාව සම්පුර්ණයෙන්ම බෞද්ද සංස්කෘතියේ හැදුන රටක්. ඒ නිසා කොහෙන්හෝ බුදුපිළිමයක් මතු වීම පුදුම නැහැ.