(නිමල කොඩිතුවක්කු)

1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ රහස්‍යතා වගන්තිය ඉවත් කිරීම සදඟා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී අද (25) පැවසීය.

ජනාධිපතිවරයාද ඇතුලත් වන පරිදි  මෙම පනත ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නැයි වත්මන් සහ හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්ගෙන් තමන් ඉල්ලිමක් කරන බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වසමින් ඔහු මේ බව පැවසීය.