(මුදිතා දයානන්ද)
බුද්ධශාසන අමාත්‍යංශය පෞද්ගලික සමාගමක් සමග එක්ව කැස්බෑව, කහපොළ, රෙජිඩේල් වත්තේ 2017දී මුල්ගල් තබා ඉදිකිරිම් ඇරඹු ශාඛ්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරිමේ ව්‍යාපෘතියට වසර තුනකදී කෝටි 6.36 ක් වැය කර වැඩ අවසන් නොකර අතහැර දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
විගණන වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ බුද්ධශාසන අමාත්‍යංශය හා පෞද්ගලික ආයතනයක් ඒකාබද්ධව එම පෞද්ගලික ආයතනයේ ආධාර යටතේ ඉදිකිරිම් සිදුකිරිමේ එකගතාවයක් ඇතිවය.
විගණන වාර්තාවට අනුව 2017 සිට වසර තුනක් තුළදී මෙහි ආරක්ෂක හා වෙනත් වියදම් ලෙස ඉහත මුදල වැය කර ඇති අතර ඒ තුළ අමාත්‍යංශයේ වැය කළ රුපියල් 1,17,84,405ක් ද පෞද්ගලික ආයතනයෙන් වැය කළ රුපියල් 5,18,15,514ක්ද ඇතුළත් වේ.
සැලසුම් කළ පරිදි ඉදිකිරිම් සිදුනොකර ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා ඒ සඳහා වෙන්කළ (අක්කර හැත්තෑඅටක) ඉඩමෙන් අක්කර පහක් පමණක් බුද්ධශාසන අමාත්‍යංශයට තබාගෙන ඉතිරි කොටස සත්වෝද්‍යානයක් ඉදිකිරිම සඳහා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරීමට 2020 නොවැම්බර් 3 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම මුදල් වැය කිරිම සම්බන්ධයෙන් ගිවිසුම අනුව අමාත්‍යංශයේ සොය බැලීමක් අනුමැතියක් තිබිය යුතු වුවද එවැන්නක් සිදුව නැති බවද එම වියදම් සම්බන්ධයෙන් විධීමත් ගිණුම් කටයුත්තක් සිදුව නැති බවද එම වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ පාක්ෂිකයන් එහෙම තමයි.
මෙව රාජ්‍ය දේපොල නෙමෙයිද? රජ මැදුරෙ තියෙන පිත්තල කාලි විතරද රාජ්‍ය දේපොල වලට ගනන් ගැනෙන්නෙ? මෙව ගැන රනිල් උන්නැහැගෙ වටින අදහස් දානගන්න අපි කැමතියි.. මොකද මෙ යහපාලනකාලෙ ගහපු කවක් නෙ..
මුදලින් වැඩි කොටස කට්ටියගේ සාක්කුවේ. මුන් හැමදාම කළේ ජනතාව රවටන් කන එක රටේ ව්‍යාපෘති වලින් 75% මුදල් හොරා කාලා විතරයි . ඒකනේ උන් පෝසත් වෙලා රට දුප්පත් වෙලා තියෙන්නේ . රාජපක්ෂ හොරු .
මයිනා ඇතුළු හත්මුතු පරම්පරාවටම හෙණම ගහන්න ඕනෑ. ජාතික ධනය ඔවුන්ගේ බූදලේ වගේ විනාශ කරලා, කතාව හරියට ජනතා සේවකයින් වගේ...