(නිමන්ති රණසිංහ සහ අමිල සම්පත් ශ්‍රී )
යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුනැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිදු සමීර සිල්වා මහතා වනජීවි දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු අදාළ වාහන අංක සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමිසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවා විමර්ශනයන කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා වනජීවි දෙපාර්තමේන්තුවට නියම කළේය.
මෙම පිරිස නියාමක මග පෙන්වන්නන්ගේ අවවාද නොතකා වනෝද්‍යානය තුළ වේග සීමා ඉක්මවින් වාහන ධාවනය කර ඇති බවත් එමගින් වනෝද්‍යානයේ සතුන්ට හිංසාවක් වන අයුරින් කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙම පිරිස පාලනය කර ගත නොහැකි වූ මගපෙන්වන නියාමකවරුන් හත් දෙනා නියමිත වේලාවට කලින් එනම් එදින පස්වරු පහයි තිහට පමණ තම රාජකාරියෙන් ඉවත්වීමට කටයුතු කර ඇති බවට යාල උද්‍යාන භාරකරු සදහන් කළ බවද වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුනැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා හඩක් නැගිය නොහැකි නිතිය හමුවට පැමිණිය නොහැකි වනසතුන් වෙනුවෙන් සහ සමස්ත සොබධර්මය වෙනුවෙන් නිතිය ඉටුවේවා. සියලු පුරවැසියන් නීතියට යටත්වේ. බලය, තනතුරු හෝ දේශපාලන සම්බන්දකම් මත නිතිය අවනීතිය නොවිය යුතුවේ.
ගිනි ගන්න රටක කෙලි අම්බරුවන් වැනි පුතුන්. උන්ගේ අප්පලට වඩා කාලකන්නි.
සියලු වාහන තොරතුරු සමාජ ජාලාතුල සංසරණය වෙනවා. සොයාබලමු . ඇමැති පුතුන් බේරාගෙන හොර අංක වාහන බේරාගෙන , ඔය ඔක්කොම වාහන නැතුව දෙක තුනක් දමලා වැඩේ ගොඩයන්න පුලුවන් .. උනුත් අපේ දරුවන් නේද නිලධාරීන් ඔක්කෝම වැඩ තහනම් කරන්න ඕනෑ නැත්නම් ඕවුන් හැමදාම හැමෝගෙම වාහන ඔහොම යන්න දෙය්.. පඩි නවත්වලා දඩුවම දීලා අමතක නොවන ලෙස කටයුතු කරන්න ඕනෑ . ඇමැති පුතා ඔතෙන්ට ඊර්ෂ්‍යාව නිසා දමාගෙන තියෙන්නේ ..එයා තමා ඔහොම කරන්න බෑ කියලා කට්ටිය හරවා එවලා තියෙන්නේ ..ඌට සම්මාන සන්නස්පත්තරයක් දෙමු.
මෙම වාහන වසර 03 කට black list කරනවා කියන්නේ රටේ ජනතාව අන්දන්න කරන වැඩක් . මොකද මෙතන ඇමති පුතෙකුත් ඉන්න නිසා වැඩේ ශේප් කරන්න හදන්නේ .මුන් ඔක්කොම වාහනත් සමගම අත්අඩංගුවට ගත යුතුයි .මේකට වනජීවී එකේ ඉහල නිලධාරීනුත් සම්බන්ධ ඇති .
සෝෂල් මීඩියා වලටත් ලංකාව වැනි රටක් පාලන කල හැකි බව පේ