(යොහාන් භාසුර)

වහළය මත සවිකරන නව සූර්ය විදුලි ජනන පද්ධති (සෝලා) වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය.

මෙතක් පැවති රුපියල් 22 සහ රුපියල් 15.50 ක ගාස්තු ක්‍රම දෙක වෙනුවට කිලෝවොට් 500 ට අඩු පද්ධතිවලට රුපියල් 37 ක් සහ කිලෝවොට් 500 ට වැඩි පද්ධතිවලට රුපියල් 34.50 ක් ගෙවීමට අනුමැතිය ලැබුණු බවත් සූත්‍රයක් මත පදනම්ව වාර්ෂිකව ගාස්තු සකස් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.