(නිමන්ති රණසිංහ)
කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව එම පාසලේම ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට අද (25) කරුණු වාර්තා කළේය.
විසි පස් හැවිරිදි පැමිණීලිකාර තරුණ ගුරුවරිය, තිස් පස් හැවිරිදි ගුරුවරයා සමඟ ඉකුත් 19 වැනිදා ගල්කිස්සේ පිහිටි සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කර නටමින් සතුටුවෙමින් සිට ඇති බවත්, පසුව වෙනත් සමාජ ශාලාවකටද ගොස් ඇති බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අනතුරුව කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයකට ගොස් රුපියල් 6000ක මුදලට කාමරයක් වෙන්කරවාගෙන ඇති අදාළ ගුරුවරයා, ගුරුවරිය සමග එදින රැය ගත කර පසුවදා සවස නැවත නිවෙස් වෙත ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් ගුරිවරිය පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළේ ඉන් පසුව බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුරුවරයා තම ස්ථානයට කැදවා ප්‍රකාශ ලබාගත් අතර තමන් කිසිදු දෙයක් එම ගුරුවරියට නොකළ බවත් කාමරයක් වෙන්කරවා ගෙන ඇය හා රාත්‍රීය ගතකලේ ඇය ආරක්ෂා කිරීමට බවත් ගුරුවරයා කළ ප්‍රකාශයෙන් සදහන් වන බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බව ද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයනා මන්ත්‍රීවරියට ඕන මේ වගේ හැමෝම පුවන් විදියට රටට සේවයක් කරන්ඩ.
බලන්න මොන තරම් හොඳ ගුරුවරයෙක්ද? සල්ලි දීලා කාමරේකුත් අරන් ආරක්ෂාවත් සපයලානේ. ඒ වගේම තමයි නොනේ කුම්බලා මාලු කෑවනම් දුක විඳින්නත් වෙනවා.
ස්ව කැමැත්තෙන්ම ගිහිල්ලා අවසානයේ පොලිසි ගිහිල්ලා මොනවද මේ ගුරුවරිය බලාපොරොත්තු වෙන්නේ? නොහොබිනා ගමන්, නොගිහින් හිටිය නම් ඉවරයිනේ. ලංකාවේ ගුරුවරුන්ගේ චර්යාවත් මෙහෙම නම් අනාගත ලංකාව ගැන කවර කතාද?
කුරුදුවත්ත පොලීසියද...? එහෙමනම් කේස් එක තිලිණි ප්‍රියමාලිගෙ වගේ වේවි...! පවු අනේ... ටියුෂන් යනවා කියලා ඒකාලේ නයිට් ක්ලබ් ගිය කෙල්ල ගුරුවරියෙක් වුනාම මොකද දන්නේ නැද්ද ඒවගේ සිද්ධ වෙන දේවල්..!
මේ ගුරුවරිය තමන් පිළිබඳව මීට වඩා ආරක්ෂාකාරී විය යුතුව තිබුනා.
ගෑනු කෙනාගේ ගැටයක් වෙන්නත් බැරි නෑ. මොකද සමහර අය ඉන්නවනේ ඔහොම අන්චි අදින. ඒ නිසා හරියට විමසලා බලලා තීරණයක් ගන්න වෙන්නේ.
මේව ප්‍රවෘත්තිද? දෙන්න කැමැත්තෙන් හොරගමන් ගිහිල්ල පොලීසියට ගිහිල්ල අසූචි මුට්ටිය පොලේ ගහනව.
හරියට කියන්නකෝ. ගුරුවරිය ක්ලබ් ගෙහිහින් නෙමෙයි නේද? ගුරුවරිය යාළුවෙක් එක්ක ක්ලබ් ගිහින් බීලා. දෙන්නම සිය කැමැත්තෙන් හෝටලේක ලැගුම් අරගෙන. එතනදි වෙච්ච දේ කියනවා. හොඳයි. හෝටලේට ගියේ මොකටද? සින්දු අහ අහ ඉන්නද? සිය කැමැත්තෙන් වුණ දේකට දැන් ආඩපාලි කියනවා.
Entire society have now been polluted and corrupted !
මෙහෙමත් ගුරුහොරු. කොහොම උනත් ඉස්සරම මේ ගුරුහොරා එලවා දමන්නම අවශ්යි. තියාගෙන හිටියොත් මෙයා දවසක පාසැල් දැරියකටත් මේ ටික කරන්න පුලුවන්.
මේ වගෙ අයට අහුවෙන්න එපා. ඔක්කොම කැමැත්තෙන් කරගෙන අන්තිමට පොලිසි යනව
එතකොට ටීචර් බබාද?
අනේ තොත්ත බබා... නිදිපෙති බීලා ඉන්න ඇත්තේ.. නින්දෙන් යන්න ඇත්තේ. මේ අයට ගුරුවරු නෙවෙයි කියන්න ඕනේ...!
ඔය කියන ගුරුවරුන් ගුරුවෘතියටම අපහාසයක් බල්ලො බලල්ලුවගෙ උන් තව කොඉතරම් ඉන්නවද ?
කාන්තා නිදහස අගය කරමු .. අපේ රට නිදහස් නිදහස් රටක් කියන්න පුලුවන් සමාජයක් බිහිකර ගනිමු !
රාත්‍රි සමාජ ශාලා යන්නෙ මල් පූජා කරන්න නෙවෙයිනෙ. කුම්බලා මාළු කෑවා නම් විඳවාපං බළලෝ කිව්වලු. නීතියක් නෑ කාටවත් දඬුවම් දෙන්න.
ඒක සිස්ටම් චේන්ජ් එකක්ද?
ගුරුවරුන්ට පඩි මදියි කියලා ස්ට්‍රයික් කළා නේද? නයිට් ක්ලබ් යන්න රුපියල් 6000ක් ඕනේ.. නයිට් රූම් එකකට වියදම් කරන්න පඩියෙන් සල්ලි ඉතුරු වෙනවද?
යාලුකමට ක්ලබ් ගියාට පස්සේ... වැඩිපුර බොන්න දීලා ගෙනියන්න ඇති... ඒවා කැත වැඩ...
මත්වෙලා හිටියත් නැතත් කාන්තා හිංසනයට ඉඩ නොතබමු.
ගුරුවෘත්තියට නම් මේ දෙන්නාගේම ක්‍රියාව ගැලපෙන්නේ නෑ. කොහොම වුණත් මේ අය පාසල්වල තියාගන්නෙ ප්‍රවේසමෙන්. අන්තිමට විදුහල්පතිටත් කූඩුවෙ ලගින්නයි වෙන්නේ ළමයෙකුට මොනවා හරි සිද්ධියක් වුණොත්.
නෝනගේ කණෙන් ඇඳගෙන ගිහිල්ලද? ඇස් බැඳලා එක්කගෙන ගිහිල්ලද? නැතිනම් සීනි බෝල දිලා රවට්ටගෙන එක්කන් ගිහිල්ලද?
දැන් හොඳම විසඳුම තමයි දෙන්නා කසාද බන්දලා දෙන එක...