(විමුක්ති එස් රුද්‍රිගු)

මෙටා සමාගම වට්ස් ඇප් පණිවුඩ සේවාව මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ

.වට්ස් ඇප් පරිශීලකයන්ට අද(25) දහවල් 1 පමණ සිට පැය දෙකකට ආසන්න කාලයක් පණිවුඩ යැවීමට සහ ලැබීමට හැකියාව නොලැබුණි. 

මෙය වට්ස් ඇප් ඉතිහාසයේ සිදු වූ දීර්ඝතම බිඳ වැටීම ලෙස ඉතිහාසයට එක් විය.


වට්ස් ඇප් බිඳ වැටෙයි

2022 ඔක්තෝබර් මස 25
ප.ව. 01:25

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව පුරා මිලියන ගණනක ජනතාවක් භාවිත කරන වට්ස් ඇප් පණිවුඩ සේවාව බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බිඳ වැටීම හේතුවෙන් මිලියන ගණනක පරිශීලකයන්ට පණිවුඩ යැවීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

මෙම අඩපණ වීම පුද්ගලික ගිණුම් වලට මෙන්ම සමූහ වලටද බලපා ඇතැයි පැවසෙයි.වට්ස් ඇප් පණිවුඩ සේවාව මෙටා සමාගමට අයත් වන අතර වට්ස් ඇප් බිඳ වැටීමට හේතුව තවමත් එම සමාගම ප්‍රකාශයට පත් කර නොමැත.