
(යොහාන් භාසුර)
ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සිවුදෙනෙක්ට රාජකාරි පැහැරහැරීම සහ ඊට අනුබලදීම යන චෝදනාව මත විනය පියවර ගෙන ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී නිලධාරීන් තිදෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තවත් නිලධාරිනියකට එරෙහිව අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිසමේ උසස් නිලයක් දරණ නිලධාරිනියක් සහ විමර්ෂණ නිලධාරීන් දෙදෙනකුට මෙසේ ස්ථාන මාරුවීම් දී ඇති බවත් තවත් නිලධාරිනියකට අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව දැනගන්නට තිබේ.
ජාතික පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ නිර්දේශ අනුව අදාල නිලධාරීන්ට එරෙහිව පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොලිසියේ ලාංචනය මාරු කරානම් ඕකේ රාජකාරි කරන අය ඔයිට වඩා නීතිය රකියි... තිළිණි ප්‍රියමාලිම 34 තට්ටුවේ ඉඳලාම ඔය ලාංචනය පැළඳගෙන රාජකාරි කරපු අය ගැන රටටම හෙළිකලා නේද?